මුළු දවසෙ ම
වේලි වේලි හිටියා හොඳට ම ඇති
තවත් ඉන්න බෑ
පට්ට බඩගිනියි
පාන් කෑල්ලක්වත් කන්න ඕන
*
*
*
...හ්ම්...
*
පට්ට රහක් නොවැ තියෙන්නෙ
මේ වගේ දිව්‍ය භෝජනයක් තව කොයින් ද
*
*
*
...ෂික්...
*
ෆ්‍රයිඩ් රයිස් ඇවිල්ලා
පාන් කියන්නෙ කෑමක් ද
තව ටිකක් ඉවසුවානම්
*
දැන් බඩ පිරිලා
ඒත් තව කන්න පුළුවන්
*
*
*
පහුවෙලා බැරියැ
*****
ක්‍රිෂාන්තිගේ ජීවිතය බේරාගනිිිමු ...!
7 hours ago
4 comments:
පාන් ද ? ෆයිඩ් රයිස් ද?
ඒ අතරේ අන්න අයිස් ක්‍රීම්.. කිරි පැණි... තව තව දේවල්... කෝ අමතක වුනාද පාන් බාගෙටවත් ගෙවන්න සල්ලි තියද පසුම්බියේ...
හැමදේම එහෙමතමයි.සමහර ඒවා තෝරගන්න එක අමාරු වැඩක්.ඔය අතේ තියෙන ගානට හරියන්න පාන් කෑල්ලක් කාලා ගියානම් ඉවරනේ
ඇත්තට ම මම කියන්න අදහස්කළේ අපි දකින පාන්,ෆ්‍රයිඩ් රයිස් ගැන නෙවි...කොච්චර තර්ක කළත් ගොඩක් පිරිමින්ට කෙල්ලෙක් ගැන අදහසක් පහලවෙන්නෙ ඒ කෙනාගේ රූපෙට..
කොල්ලෙක් වේලි වේලි ඉඳලා, හතර පස් දෙනෙකුගෙන් ඇණවෙලා අන්තිමට ඒ වෙලාවෙ හැටියට සෙට්වුන කෙල්ලෙක්ට ආදරේ කරන්න පටන්ගන්න කාලේ ඒක හරිම සුන්දර දෙයක් උනත් පහු වෙනකොට ලස්සන කෙල්ලො දකිද්දි හිතනවා අපරාදෙ ඉස්සරවුනේ තව ටික කලක් ඉවසුවානම් කියලා..එහෙම ඉන්න ගමන් ඒ වගේ එකෙක් සෙට් කරගන්න ඔන කියලා හිතන එකෙක්ගෙ සිතුවිල්ලක් තමා ලියුවේ..
අදහස් දක්වපු හැමෝට ම ස්තූතියි...
ජයවේවා!!!
Post a Comment
ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..