මම දැන් හෙලයෙක්

අපි මුසෙල්මාණුවන්ගෙ කඩ වර්ජනය කරමු
සිංහල කඩවලට ම යමු
අපේ අය අපිට ගොඩක් අඩුවට බඩු විකුණාවි
මාසේ අන්තිමට හම්බෙන තුට්ටු දෙකෙන්
කරන්න තියෙන වැඩ ගැන මුදලාලියා නොදන්නවයි

එතකොට අපේ සල්ලි අපේම අය ලඟ
ලාබෙන් කොටසක්
මුදලාලියා අපේ ජාතියේ සුභ සිද්ධියට වෙන්කරාවි.
කොටසක් පන්සලටත් පූජා කරාවි
පන්සලෙන් ඒවා දුප්පතුන්ට බෙදා දේවි

එතකොට තම්බිලා දුප්පත් වේවි
උන් පිරිහිලා යාවි
මේ රට අපිට ඉතිරි වේවි
සිංහලයෝ යහතින් වැජබේවි
ඒ කියන්නෙ මම දැන් හෙලයෙක්

පට්ට කඳ


        ගහක් කොළක් නැති කතරේ
        වේලිච්ච කාලේ ඉවරයි..
        මේක පුදුම ගහක්
        පට්ට කඳ
        හරහට දාලා ඉරාගත්තනම් මරු..
        තව තව අදහස්
        සැවොම පොරකති..
        අඩෝ ඒක දිරච්ච එරඬු ගහක්
        එකෙක් මොරදෙයි..
        ඒත් අනිත් උන්ට ඒ වගක්වත් නෑ
        *
        *
        මේ කිසිවක් නොඳන්න ගානට
        ගහ ඔහේ ඉන්න හැටි..

වැටේ තරමට කඩුල්ල


        වාරුවෙන් නැඟීසිටින 
        අබලන්වූ දිරාපු ඉණි වැට
        වුනාට කම් නැත
        මොකටද කඩුල්ලක්
        ණයවෙලාහරි දමන්නෝන
        මහා පතරංග
        යකඩ ගේට්ටුවක්
        ලෝකෙට පෙනෙන්න
        ලස්සනට
        උජාරුවට......



වැරැද්ද




වැරදි කරන උන්ට
තමන් කරන වැරැද්ද
තවෙකෙක් පෙන්වාදුන්විට
උන්,
වැරැද්ද හදාගන්නවා වෙනුවට
විලි ලැජ්ජාවක් නැතිව
ඒ වැරැද්දම
අනිත් උන්ටත් කරන්න යැයි
කියන අපූරුව


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.