බොරළු පාර



දිනකට නොයෙක්වර
ඔබමොබ ගමන්කළ
ඒ බොරළු පාර අද
කොන්ක්‍රීට් තට්ටුවක්
දරා සිටින අන්දම...

නිරුවත් දෙපා යුග
විඳි කටුක වේදනා
සීරීම් ලප කැලැල්
ඇත තවම නොමැකිලා....

අතීතයේ බොරළු මතින්
නැඟී ආ දෙපා යුග
රෝද සතරක නැඟී
ඉගිලයන අපූරුව...


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.