මතකය



කසනවිට 
සනීපයි
මොහොතකට
තුවාලය
දැවිල්ලයි
පසුවට
වාගෙයි
මතකය
නුඹෙ
  

ගලන ගඟට නවතිනු බෑ



         ගලන ගඟකි නුඹ
         වලකාලනු බෑ
         මගේ දෑතින්

         සැඬ පහරක්වී
         ගසාගෙනගොස්
         එකතුවී ඇත
         මහ මුහුදට
         උදුරාගෙන මා සතුවූ
         අවසන් හුස්ම පොද ද

         වගේ වගක් නැත
         මහ මුහුදට
         තවත් මුහුවීමක් පමණි


මනමාළියනේ හඩනු එපා



       පින්තාරු මුහුණේ නේකවිද වත්සුනු
       දියවී යන්නට ඉඩ නොදී
       මංගල පෝරුවේ
       මනෝ පාරක් ගහන් ඉන්නට 
       උපදෙස් දුන්නා සංවිධායක
       මනමාලිට
       රෙදි කච්චියක් දීලා
       බීපු කිරි වලට
       දෙකට නැමිලා යන්නම් අම්මෙ කියන්නට
       කඳුලු නොසලා
       හැඩට ඉන්නට 
       පිංතූරෙට
       ලස්සනට


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.