කිරි කලේට ගොම ටිකක් වැටිලා



නැවුම් බවෙන් පිරිපුන්වී
රස පානය සැපයුම්කළ
පුරුදු පරිදි අද උදයෙත්
එකතු කළා කිරි කලයක්...

ඇති නොකියා තව ඉල්ලූ
කිරි ටිකටත් උන හදියක්
එපා කියා යන්නට යයි
වැටුන නිසා ගොම බිඳුවක්...

කුස ගිනි ඇති තවත් එකෙක්
ආවෝතින් කිරි ගන්නට
රසකර කර බොන්නෙ නැතැයි
දන්නේ නැතිව වැටුණ බවක්
කිරි කලයට ගොම බිඳුවක්....


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.