ඇතිවෙන්න තලපන්



  
උඩ පැන පැන උඹ තලපන්
මං ඔහේ බලා ඉන්නම්
මාව තැලෙද්දි උඹට හරි සතුටු ඇති
ඒත් උඹ දන්නෙ නෑ
උඹ තලන වාරයක් ගානේ මම මුවහත් වෙනව

හීනෙන්වත් හිතන්නෙපා
දවසක මම උඹේ ගෙල සිඳියි කියා,
උඹ ඒ තරම් මෝඩයි
උඹට පෙනේවි ඒ යකඩ මුවහතින්
මම මගේ ජීවිතය නමැති කැටයම කපන හැටි

අද වගේ ම හෙටත් තලපන්
ඇතිවෙනකම් සතුටු වෙයන්
මහන්සි නම් විවේකයක් ගනින්
මට බොරු අනුකම්පා එපා
*
*
*
නොසැලෙන මම
~~


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.