මම දැන් හෙලයෙක්

අපි මුසෙල්මාණුවන්ගෙ කඩ වර්ජනය කරමු
සිංහල කඩවලට ම යමු
අපේ අය අපිට ගොඩක් අඩුවට බඩු විකුණාවි
මාසේ අන්තිමට හම්බෙන තුට්ටු දෙකෙන්
කරන්න තියෙන වැඩ ගැන මුදලාලියා නොදන්නවයි

එතකොට අපේ සල්ලි අපේම අය ලඟ
ලාබෙන් කොටසක්
මුදලාලියා අපේ ජාතියේ සුභ සිද්ධියට වෙන්කරාවි.
කොටසක් පන්සලටත් පූජා කරාවි
පන්සලෙන් ඒවා දුප්පතුන්ට බෙදා දේවි

එතකොට තම්බිලා දුප්පත් වේවි
උන් පිරිහිලා යාවි
මේ රට අපිට ඉතිරි වේවි
සිංහලයෝ යහතින් වැජබේවි
ඒ කියන්නෙ මම දැන් හෙලයෙක්


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.