ගලන ගඟකි නුඹ
වලකාලනු බෑ
මගේ දෑතින්
සැඬ පහරක්වී
ගසාගෙනගොස්
එකතුවී ඇත
මහ මුහුදට
උදුරාගෙන මා සතුවූ
අවසන් හුස්ම පොද ද
වගේ වගක් නැත
මහ මුහුදට
තවත් මුහුවීමක් පමණි



2 comments:
අපුරුයි, ජය.
ගොඩක් ගඟවල් මේ වගේ කිසිම වෙනසක් නැතිව මහ මුහුදට එකතු වුනු කාලය නිමා කලයුතුයි... නිර්මාණය ලස්සනයි
Post a Comment
ඔබගේ සිතට දැණුන අදහස්, ප්රතිචාර මෙහි ලියා යන්න.. ප්රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..