අඳ ගොවියෝ



පැළ සිටුවා හදා වඩා
උදේ සවස වතුර දමා
නිසි කාලෙට පොහොර යොදා
අණ වින දොස් සැම පරදා

කල දවසත් ගෙවී ගිහින්
පුංචි පැළත් ලොකු ගස්වී
මල්බරවී පිරිපුන්වී
ඵලදාවෙන් අතු බරවී

හදා වඩා රැකගත් ඒ
මුල අමතකවූ ගස්වල දැන්
හිමි කාරයෝ සැම වටවී
තම රිසිසේ ඵල බුදිතේ

ගහෙන් හැදුණු තව අංකුර
පෙරදා මෙන් හදා වඩා
අඳ කුඹුරට ආල වඩන
මහමෙර වගෙ මවයි පියයි.....

තරු ඇස්දෙක




තරු කැට දිඳුලන
ඇස්දෙක අරගෙන
යන්නම නුඹ පලයන්..

දඩාවතේ ගිය ඇස්දෙක එක්කොට
බැඳලා තියාගෙන
මම ඉන්නම්....

කිසිදා නොමැකෙන හදේ ඇඳුණු නෙතු
මගේ ම කරගෙන
සැමදා සිටින්නම්...


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.