දයාව, නුරාව



          පිරුණු ලැම දෙස
ඇරුණු ගවොම් කරෙන්
එඹිකම්පානා...
ගූඪ තැන්හි වින්දනයේ
පහස සොයන මිනිසා,
නුඹේ...
නුරාවෙන් පිරුණ රකුසු නෙතට
නොපෙනෙනෙ,
කුස පිරෙන්න කිරි බොමින්
ඇකයේ නිඳන ඇගෙ දරුවා...

6 comments:

Shadow/හේමලයා August 27, 2010 at 8:51 AM  

සාපේක්ෂතාවය දෙස නිරපේක්ෂව බලමු...ගූඪත්වය තීව්‍ර කොට ඇත්තේද අපි වර්ණනා කරන සංස්කෘතියම නොවේද?..අතීතයේ ගූඪ නොවූ ශරීරාංග පවා අද එම තත්වයට වැටී තිබේ....

Thakshila August 27, 2010 at 3:44 PM  

ළමයි ඉන්න අම්මලා කරන වැඩ දැක්කම මේක මොකක්ද කියල හිතෙනව.අනික් අම්මලාත් තමන්ගෙ අම්ම වගේ නේද කියලා හිතන එක අපිට බලාපොරොත්තුවෙන්න බෑ අනෙකාගෙන්.ඒත් එහෙම හිතන්න පුළුවන් මිනිස්සු ඉන්න දවසක මේ ලෝකෙ ගොඩාක් ලස්සන වේවි මලයෝ...

ayesha August 28, 2010 at 9:59 AM  

මිනිස්සු උමතු වෙලා. පත්තරයක් ගත්තම පෙන්නැද්ද. තමන්ව ජාතක කරපු අම්මවත් අදුනන්නැතිවෙලා..මේක දැන් ලොකේ හැටි කියලා හිතා ගන්නද පොඩ්ඩක් හරි මේකට ප්‍රතිකර්මයක් හොයලා මොනා හරි කරන්න පුලුවන්ද කියන එක මාර ප්‍රශ්නයක් වෙලා යාළු.....

දිල් August 29, 2010 at 12:06 PM  

මිනිස්සුන්ට තමන් ඉපදුනේ කොතැනින්ද කියලා හරියටම වැටහුන දවසක........දයාබර " අම්මා " කෙනෙක් දිහා දයාවෙන් බලාවී....එතෙක්.............


අපූරු නිර්මාණයක්

Unknown August 30, 2010 at 2:57 PM  

Shadow/හේමලයා
හ්ම්..උඹ කියන කථාවෙත් ඇත්තක් තියෙනවා..

@Thakshila
හ්ම්..එහෙම හිතන එක අමාරුයි තමා...

@ayesha
හුදෙක් මම කියන්න අදහස්කළෙත් ඒක ම තමා...
හිතන්නට යමක්...

@දිල්
හ්ම්...කාලෙකට පස්සෙ...ඒක ඇත්ත..

අදහස් දක්වපු හැමෝටම ස්තූතියි...!!!
ජයවේවා!!!

Thusitha September 15, 2010 at 5:21 PM  

අපි ගොඩක් දෙවල් දකින්නේ දකින්ඩ ඕන විදිහට නෙමෙයි... කාන්තාව තව කෙනෙකුගෙ "මවක්, බිරිඳක්, සොයුරියක්" වෙන්ඩ පුලුවන් කියල අපි ගොඩක් අයට අමතකවෙලා... මොනව උනත් ලස්සන නිර්මාණයක්...

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.