සංතුෂ්ඨිය

     
මුළු දවසෙ ම
වේලි වේලි හිටියා හොඳට ම ඇති
තවත් ඉන්න බෑ
පට්ට බඩගිනියි
පාන් කෑල්ලක්වත් කන්න ඕන
*
*
*
...හ්ම්...
*
පට්ට රහක් නොවැ තියෙන්නෙ
මේ වගේ දිව්‍ය භෝජනයක් තව කොයින් ද
*
*
*
...ෂික්...
*
ෆ්‍රයිඩ් රයිස් ඇවිල්ලා
පාන් කියන්නෙ කෑමක් ද
තව ටිකක් ඉවසුවානම්
*
දැන් බඩ පිරිලා
ඒත් තව කන්න පුළුවන්
*
*
*
පහුවෙලා බැරියැ
*****

4 comments:

ayesha September 6, 2010 at 10:37 AM  

පාන් ද ? ෆයිඩ් රයිස් ද?

Anonymous September 6, 2010 at 10:11 PM  

ඒ අතරේ අන්න අයිස් ක්‍රීම්.. කිරි පැණි... තව තව දේවල්... කෝ අමතක වුනාද පාන් බාගෙටවත් ගෙවන්න සල්ලි තියද පසුම්බියේ...

Thakshila September 7, 2010 at 11:57 AM  

හැමදේම එහෙමතමයි.සමහර ඒවා තෝරගන්න එක අමාරු වැඩක්.ඔය අතේ තියෙන ගානට හරියන්න පාන් කෑල්ලක් කාලා ගියානම් ඉවරනේ

Unknown September 7, 2010 at 8:41 PM  

ඇත්තට ම මම කියන්න අදහස්කළේ අපි දකින පාන්,ෆ්‍රයිඩ් රයිස් ගැන නෙවි...කොච්චර තර්ක කළත් ගොඩක් පිරිමින්ට කෙල්ලෙක් ගැන අදහසක් පහලවෙන්නෙ ඒ කෙනාගේ රූපෙට..
කොල්ලෙක් වේලි වේලි ඉඳලා, හතර පස් දෙනෙකුගෙන් ඇණවෙලා අන්තිමට ඒ වෙලාවෙ හැටියට සෙට්වුන කෙල්ලෙක්ට ආදරේ කරන්න පටන්ගන්න කාලේ ඒක හරිම සුන්දර දෙයක් උනත් පහු වෙනකොට ලස්සන කෙල්ලො දකිද්දි හිතනවා අපරාදෙ ඉස්සරවුනේ තව ටික කලක් ඉවසුවානම් කියලා..එහෙම ඉන්න ගමන් ඒ වගේ එකෙක් සෙට් කරගන්න ඔන කියලා හිතන එකෙක්ගෙ සිතුවිල්ලක් තමා ලියුවේ..
අදහස් දක්වපු හැමෝට ම ස්තූතියි...
ජයවේවා!!!

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.