වත, රූපය හා ලැජ්ජාව



විරූපී වත හිමි ස්ත්‍රියකගේ
සළුවට වැසුණු තැනක්වත්
දක්නට අකමැති පිරිමින්...

සුරූපී වතක් ඇති ස්ත්‍රියක් දුටු තැන
සිත එහි ම ඇලෙයි නම්,
ඇගේ වැසුණු තැන්
දක්නට එතරම් ලොල් නම්,

පිරිමින්ගෙ හිත ඇදී යන්නේ
කෙල්ලෙකුගේ ලස්සන මුහුණට නම්,
ඇයි වැදගැම්මක් නැති අනෙක් තැන් වහගෙන
මූණ පෙන්නගෙන ඉන්නෙ...?

17 comments:

Thakshila September 25, 2010 at 1:55 PM  

මල්ලි කියන කථාවේ ඇත්තක් තියෙනවා.ගොඩක් පිරිමින්ගෙ සිත කාන්තාවන් කෙරෙහි ඇදෙන්නේ ඒ කාන්තාවගේ ලස්සන අනුව.ඉතින් ඒ ලස්සන තියෙන්නේ මුහුණේ තමයි. ඒ උනාට හදවත ලස්සන කෙනා තමයි හැබෑවටම ලස්සන.

Anonymous September 25, 2010 at 9:42 PM  

ඕකේ සීන් 1 මේකයි මලේ. මගේ කෑල්ල ලස්සනයි කියලා, ලෝකෙට පෙන්නන්න අපි හැමෝම ආසයි නෙවැ. ඉතින් කාටත් පෙන්නන මූණු පොඩ්ඩ ලස්සනට තිබුණොත් ඇති කියල අපි හිතන්නේ. මූණ ලස්සන උනාට, අනිත් තැන් දැක්කොත් බල්ලොත් බත් නොකන කෑලි ඉන්නවා. නමුත් අපි ඒ ගැන හිතන්නේ නෑ. මූණ ලස්සනට තිබුණොත් ඇති. මගේ කෑල්ල ලස්සනයි කියලා අනිත් උන් කියනවා නම් ඒ ඇති මට. මූණේ ලස්සනට එකතු වුණාට, අනිත් තැන් දැක්කාම වෙන් වෙච්චි අයත් ඕනි තරම් ඉන්නවා මලේ.
-Danfun

දිල් September 25, 2010 at 10:48 PM  

ඕනෙම කෙනෙක්ගෙ ඇස් දෙක ඉස්සරවෙලාම ග්‍රහණය කරගන්න තැනක්නෙ " මූහුණ " කියන්නේ. මොකද හදවත තියෙන්නේ ශරීරය අභ්‍යාණ්තරයෙනෙ. ඉතින් මුහුණෙ තියෙන යම් යම් දේ අනුව හිත නවතින කෙනා හදවත් නියමාකාරව අදුනා ගත්තම මූණ ගැන ගනන් ගන්නෙ නැතිවෙන්න පුළුවන්....... හැබැයි ඉතින් වැදගත් නැතැයි කියලා සම්පත් හිතන අනෙක් තැන් දකින්නට තිබ්බ නම්.......:P

මිහිranga September 26, 2010 at 10:40 PM  

හොද අදහසක්! ඇත්තටම ඒක ගෑන යතාර්ථය හොයල බලනවට වඩා මම කෑමතියි ඒක සුන්දර සිතුවිල්ලක් විදිහට දකින්න!

``` Outsider``` September 27, 2010 at 8:49 AM  

මිනිසා උපතින්ම ලිංගික සත්වයෙකි කියල කියල තියෙනවනෙ. ඒකයි ප්‍රශ්ණය. හදවත ලස්සන විය යුතුයි කියල කවුරු කිව්වත් හොයන්නෙ ශරීරය ලස්සනයිද කියන එක. ජීවයේ පැවැත්ම උදෙසා ස්වභාවය විසින් මේ ආශාව මිනිසා තුල තැන්පත් කරල ඇති.

Unknown September 29, 2010 at 8:41 PM  

මුනට රැවටුනොත් නම් ඉතින් ඒක අපි කරගන්න ලොකුම වැරද්දක් වෙනවා.හිත ලස්සණ නම් එච්චරයි

Anonymous September 30, 2010 at 11:37 AM  

සිදුරු නමයෙන් උදේට හවසට පිටකරන දේවල් මතක් කරගනින් මල්ලි.

මැණික්(සුළඟ) September 30, 2010 at 1:10 PM  

මුහුන හදවතේ කැඩපත බවයි කියන්නේ. ඒකද හේතුව???
මැණික්(සුළඟ)

Unknown September 30, 2010 at 1:49 PM  

අදහස් දක්වපු හැමෝට ම ස්තූතියි...
ගොඩාක් පිරිමින්ගේ සිත ගැහැණියක් කෙරෙහි ආකර්ශණය වෙන්න මූලිකව ම ඒ කෙනාගේ ඇඳුමෙන් වහගෙන ඉන්න කොටස් වලට වඩා මුහුණ තමා වැදගත්කමක් ගන්නෙ ..උදා:- අපි හිතමු ගොඩක් අවලස්සන කෙනෙක්, සාමන්‍යයෙන් ඇඳුමකින් වහගෙන ඉන්න තැනක් පෙන්නගෙන ඉන්නව කියලා. එහෙම එකක් දැක්කම අපි ඒ දිහා හරි ආසාවෙන් බලනවද? නෑ..ගොඩක් වෙලාවට පිළිකුල් කරනවා..ඒත් මුහුණ ලස්සන කෙනෙක් ඒ වගේ හිටියොත්??
ඉතින් මුහුණ තමා මෙතනදි වැදගත්වෙලා තියෙන්නෙ..එහෙනම් ඉතින් මූණටත් රෙද්දක් අන්දවන්න එපැයි...!!!
අනික අර කිව්වත් වගේ නම දොරෙන් හතක් ම තියෙන්නේ ඕක අශ්‍රය කරගෙන නේ...
ජයවේවා!!!

බිඟූ September 30, 2010 at 1:54 PM  

මචන් සිරා අදහස..
දාපන් 5ක් මචන්

දන්තක October 3, 2010 at 1:57 PM  

කොහොම ගියත් නියම අදහස බං..මේ මනුශ්ශ අපේ ජීවිතවල තියෙන අත්ත යතර්ථය ඔය ටික තමයි මචං.....

- නව ඉසුරු - October 10, 2010 at 12:20 PM  

හ්ම්... මචං මම හිතන්නේ ස්ත්‍රීයකගේ වීරූපී හා සුරූපී බව ඇය දෙස බලන කෙනාට සාපෙක්ෂයි කියලා. ඒ කියන්නෙ වීරූපී ස්ත්‍රීයකගෙත් වැසුනු තැන් බලන්න කැමති අයත් ඉන්නවා. නමුත් මචං උඹේ අදහස පොදුයි.
කොහොම උනත් උඹෙ අදහස නියමයි.

ජය වේවා ...JT
හමු වෙමු.....!!!

ayesha October 20, 2010 at 10:56 AM  

කුණුවෙන ශරිරේ උනාට මිනිස්සු ඒකට හුඟක් කැමතියිනේ

ක්‍රිශාන් December 14, 2010 at 2:59 PM  

උඹ උඹ ගැනම දීපු Definition එක නම් උඹට හරියටම ගැල පෙනව.. පඩුවේ පැත්තකට වෙලා ඉන්න උඹට මෙච්චර ලස්සන දෙවල් ලියන්න පුලුවන් කියල මම දැන ගෙන හිටියේ නෑ... සිරාවටම නියමයි මචන්... තව ලියපන් ... උඹට බ්ලොග් ලෝකයේ ලොකු ගමනක් තියෙනවා... ඒක මට විශ්වාසයි

Unknown December 14, 2010 at 4:06 PM  

අදහස් දක්වපු හැමෝටම ත් මාව දිරිගන්වපු හැමෝටම ත් බොහොම ස්තූතියි...
(@ක්‍රිශාන්- උඹේ වචන ටික හඳවතට ම දැණුනා මචං...)
ජයවේවා!!!

Unknown December 14, 2010 at 4:09 PM  
This comment has been removed by the author.
Unknown December 14, 2010 at 4:09 PM  
This comment has been removed by the author.

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.