උස් තැන් සහ මිටි තැන්


    පරිවාර වාහන හත අටක් වටකර
    පොළිස් සයිරන් නළා හඬවමින්
    යයි හැටට හැටේ
    ප්‍රභූ මැතිදුන්

    හිස නමා ආචාර කරයි රාළහාමි
    සසරෙ පිං කර නොමැති එලෙසින්
    පොදු මහජනයා
    යති තනි කකුළෙන් එල්ලී පාපුවරුවේ
    දහදිය පෙරාගෙන
    පැය ගනන් හිර වෙවී තද බදේ

    නැවතුවා බස් රථය 
    අපේ රාළහාමි
    බහිනව තමුසෙලා 
    තුන් දෙනාව ම
    දාහ ගානේ හැම දෙනාට ම
    ලියුවා දඩ කොළේ...
    


1 comments:

තිස්ස දොඩන්ගොඩ June 28, 2015 at 11:48 PM  

හපොයි... :-(
පහත් තැනින් යයි ගලා ජලේ වේගෙනී....

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.