මට හරි පාඩුයි




මගේ ගොඩ පුරවගන්න
මගේ බඩ වඩවගන්න
ඌට වඩා ඉහලයන්න
එයටයි මේ වෙහෙසවෙන්නෙ....

ඌට වාසි මට පාඩුයි
බැහැ නොවැ ඉවසා ඉඳින්න
මගේ රුපියල මට දීපං
පාඩුව බෑ දරාගන්න...

ඒ රුපියල වියදම්කර
ගන්නව මම ටිකට් එකක්
හය මාසෙක යනවා මම
දිව්‍ය ලෝකේ ටුවර් එකක්...

?
?
?
?
?
*****

අනේ මාරයෝ මට දැන් ම මැරෙන්න බෑ
...දැන්ම මැරෙන එක මට හරි පාඩුයි...

9 comments:

ඉලංදාරියා December 3, 2010 at 12:29 PM  

ඈත්තම කතාව ලස්සන පද පෙල

``` Outsider``` December 3, 2010 at 3:03 PM  

හික් හික් මරුනෙ...

Princess Thushy December 6, 2010 at 4:50 PM  

නිර්මාණය ලස්සනයි...

ayesha December 7, 2010 at 11:06 PM  

අපූරුයි ඇත්තටම යාළු

වැප් December 9, 2010 at 5:41 PM  

+1

ජංජාල චාමර December 12, 2010 at 11:58 PM  

ඌව පාගපන්!!! උඩටම නැගපන්!!! උඹට වාසියි!!!

ක්‍රිශාන් December 14, 2010 at 2:51 PM  

Maximum......

සම්පත් / jt December 14, 2010 at 4:00 PM  

හ්ම්....
අදහස් දක්වපු හැමෝට ම ස්තූතියි....
විශේෂයෙන් යමක් කියන්න ඕනේ...මේක රුපියලකට දෙකකට ලෝබකමේ මගේ සිතට ආපු සිතිවිල්ලක් නොවන බව...
රුපියලට දෙකට මරාගන්න හදන මිනිස්සු දැක්කාම මෙහෙම දෙයක් ලියන්න හිතුනේ...
ජයවේවා!!!

Neranji___නෙරංජි December 24, 2010 at 12:14 PM  

හොඳ බ්ලොග් එකක් ....මට කියවද්දි හම්බුණේ...අද මම හැම බ්ලොග් එකක්ම කියවනව......එස් බී යූ සින්ඩියෙ තිබෙන....තව ලියන්න....

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.