කිළිටිවෙච්ච කමීසය



මේ කමීස වැඩිකල් අදින්න බෑ
ඉක්මනට කිළිටිවෙන හැටි...
ඒ මදිවට කහට පැල්ළම් යවන්න ගිහින්,
දිරාපත් වෙලා
දැන් ඒකෙ පාටත් ගිහින්...

එකම කමීසෙ හැමදාම අඳින්න තිඹුණා නම්
ඔය සමහරු මැරෙණකම්ම එකක් අඳිනව කියන්
මටත් තව ඒවා එපා...
අනික ඔය ලාබෙට දෙන ඒවා
වැඩිකල් අඳින්න බෑ
ඒක මම අත්දැකීමෙන් ම දන්නව...

ඒත් මට මේක නම් තව වැඩි කළක්
අඳින්න බැරිවේවි..
අනික මට මේ කමීසෙ හරි යන්නෙත් නෑ..
එහෙමෙයි කියලා මෙතුවක් ඇඳපු මේක
කොහොම ගලවන්නද
මේක මට දැන් හොඳට ම ඇතිවෙලා තියෙන්
එක්කො මම කමීසයක් නැතුව ඉන්නවා..
ඒත්....????

3 comments:

ayesha January 7, 2011 at 6:04 PM  

ගැඹුරු අදහසක් පද වැල් කරලා තියෙනවා අපූරුවට. මමත් ටිකක් කල්පනා කලා ඔයාගේ අදහස ගැන.

එක්කො මම කමීසයක් නැතුව ඉන්නවා..
ඒත්....????

අනේ මන්දා?

Anonymous January 9, 2011 at 2:57 PM  

ලස්සන අදහසක් ව්‍යංගයෙන් කියලා තියෙන අපූරුව.ගොඩක් වෙලාවට ඉතින්, බැලුවම හිත ඇදිලා ගිය කමීසයක් ගෙදර ගෙනියනවා..පැකට් එක එහෙම කඩලා, ඇඳලා බැලුවම තමා තේරෙන්නෙ ඒකෙ තියෙන අඩුපාඩු.එතකොට ඉතින් ප්‍රමාද වැඩියි..තමන්ට ගැලපෙන, හරියන ඇඳුම ලැබුණොත් කිළිටි නොකර තියාගන්න...ජීවිතකාලෙටම...

Anonymous January 20, 2011 at 10:48 AM  

හැමදාම අඳින්න ඕනෙනම් ඉතින් කමීසයක් ගනිද්දි හොදට තෝරල බලලා ගනින් මචං

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.