දවසක්දා මම යනකොට
තඩි මල්ලත් උස්සාගෙන
ඉස්කෝලෙට කෝච්චියෙන්
මහ මෙරක බරක් හිතේ දරන්
ඇය යනවා
අම්මා හට වාරු තියන්
අසීරුවෙන්
දරු පැටියෙක් කුසේ දරන්
සායනයට
අසරණ මුහුනින් යුක්තව
නෙතු සඟලම
බිමට හොවා
ලැජ්ජාවෙන්
එක බංකුවෙ එකට ඉඳන්
අකුරු කෙරුව පුංචි දැරිය



6 comments:
බොහොම සංවේදී අත්දැකීමක් තුළින් ඔබ රස සාගරයක් මවනවා හිතවත
ලස්සන කිවි පෙලක්, තව ලියන්න
ඔබට ජය
http//newsinhalife.blogspot.com
සංවේදී ලස්සන කවි පෙළක්
අදහස් දක්වපු හැමෝට ම ස්තූතියි...
පට්ට!
දිගටම ලියනවනං - දිගටම එනවා...
Post a Comment
ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..