තණ්හාව


   අත්හැරීම
   සංකල්පයක් ම වී
   බණමඩුවල කථා ඇතුලෙ
   පුස්කාපු තැටිවල
   පරණ වෑර්ලස් හඩින්
   කොතෙක් ඇහුනත්
   පිම්මෙ දුවන අපිට
   මොන අත්හැරීම් ද
   තව පොදි බඳිනව මිසක්
   කිනම් සංතුෂ්ඨියක්ද
   කිනම් නිවනක්ද

4 comments:

තිස්ස දොඩන්ගොඩ May 14, 2015 at 4:04 PM  

ඔය තියෙන්නෙ
වෙනද වාගේම රහට
බොහොම ස්තූතියි ආයේ ආවට!

අත්හැරීම සංකල්පයක්ම වෙලා නේන්නම් - සිතුවිල්ලේ ඉඳම්ම කරනෙ පොදි බඳින එක!

Unknown May 14, 2015 at 9:58 PM  

බොහෝම ස්තූතියි..
කාලෙත් එක්ක blog එකත් අත්හැරිලා ගියා..:) දිරිගැන්නුම බොහොම අගයනවා

ayesha May 14, 2015 at 10:38 PM  

හ්ම්... අත්දැකීම් ලැබුවම විදින්න තරම් දෙයක් නෑ කියලා දැක්කම දුවන එක නතර වෙලා අතාෑරීම තරම් සතුටක් නෑ කියලම තේරෙනවා යාලු

Chandi May 29, 2015 at 3:37 PM  

අත්හැරීම ම තමා කලයුත්තෙ. ඒකට ලොකු මානසික ධෛර්ය‍යක් ඕනෙ පුතා.

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.