Posted by
Unknown
Saturday, September 25, 2010
විරූපී වත හිමි ස්ත්‍රියකගේ
සළුවට වැසුණු තැනක්වත්
දක්නට අකමැති පිරිමින්...
සුරූපී වතක් ඇති ස්ත්‍රියක් දුටු තැන
සිත එහි ම ඇලෙයි නම්,
ඇගේ වැසුණු තැන්
දක්නට එතරම් ලොල් නම්,
පිරිමින්ගෙ හිත ඇදී යන්නේ
කෙල්ලෙකුගේ ලස්සන මුහුණට නම්,
ඇයි වැදගැම්මක් නැති අනෙක් තැන් වහගෙන
මූණ පෙන්නගෙන ඉන්නෙ...?
Posted by
Unknown
Wednesday, September 15, 2010

තෘෂ්ණා සාගරේ ගිලී කිමිදී
අයාලේ දුවන සිතුවිලි
මායිමක් නැති
වැටකඩොළු නැති
බැද දැමූ ලණු පටක් වත් නැති
දකින දේවල සිත ඇලෙන විට
ඇලුණු සිත දුක රැගෙන එන විට
රූපෙට දොස්නඟා
ඇසට ශාපකර
ලබන්නේ කුමන ඵලක්ද...
Posted by
Unknown
Sunday, September 5, 2010
මුළු දවසෙ ම
වේලි වේලි හිටියා හොඳට ම ඇති
තවත් ඉන්න බෑ
පට්ට බඩගිනියි
පාන් කෑල්ලක්වත් කන්න ඕන
*
*
*
...හ්ම්...
*
පට්ට රහක් නොවැ තියෙන්නෙ
මේ වගේ දිව්‍ය භෝජනයක් තව කොයින් ද
*
*
*
...ෂික්...
*
ෆ්‍රයිඩ් රයිස් ඇවිල්ලා
පාන් කියන්නෙ කෑමක් ද
තව ටිකක් ඉවසුවානම්
*
දැන් බඩ පිරිලා
ඒත් තව කන්න පුළුවන්
*
*
*
පහුවෙලා බැරියැ
*****