නොමැරෙන මිනිස්සු


අපේ අනාගත ප්ලෑන් කොහොම ද? ඩිග්‍රිය අරන් ජොබ් එකක් කරලා හොඳ ගෙයක් දොරක් හදාගෙන ලස්සන කාර් එකක් එහෙම අරගෙන... තව ත් බොහෝ දේවල්. ඒ තවත් අවුරුදු 10ක් 15ක් හෝ නැතිනම් ඊට ත් එහා අනාගතය ගැන අපේ සැලසුම් ය. අප සිතා සිටින්නේ මේ ජීවිතය අපට අපේ අණසක පරිදි අපේ වසඟයෙන් පවත්වාගෙන යා හැකියි කියා.. නිකමට වගේ හිතුවද "මම හෙට මැරේවි" කියා..
මේ ජීවිතය අත හැර අපට කොයියම් ම මොහොතක හෝ නික්මීමට සිදුවනු නොඅනුමානයි.. හොඳට වට පිට ඇහැ කරකවලා බැලුවොත් අපි මේ කරන්නේ මොන විකාර ද කියල අපට ම තේරුම් ගන්න වැඩිවෙලා යන්නෑ.සමහරු ජීවත්වෙන්නේ උන් කවදාව ත් මැරෙන උන් නොවන ලෙසිනි. තණ්හාවෙන් හැමදේ ම බදාගෙන තමන්ට කප්පරකට සැප සම්පත් තිඹුණ ත් එයින් තඹ දොයිතුවක් තවෙකෙකු වෙනුවෙන් කැප කරන්න මැළිවෙන මසුරු සිටාණන් අද සමාජයේ කොතෙකු ත් දැකගත හැක. තව ත් සමහරු බලය නිසා ඔලුව පුම්බාගෙන අනෙකා තලා පෙලා කිසිදා නොමැරෙන් උන් ලෙස ජීවත් වෙති. තවත් සමහරු කාලා බීලා ජොලියෙන් ජීවත් වෙති. නමුදු කවදාක හෝ අපට ත් මැරෙන්න සිදුවන බව ඔවුන් නොසිතති. අපේ මරණය අපට පාලනය කළ හැකිද?? මරණය ඔඹට අත වනන විට එය කල් දා ගතහැකි ද?? "අනේ මට දැන් ම මැරෙන්න බෑ මට කරන්න දේවල් තව ගොඩක් තියෙනවා, මට මගේ පෙම්වතිය,අම්මා, තාත්තා, මගේ දේපළ දාලා එන්න බෑ" යනාදී කුමන දෙයක් කියා හෝ අපට අපේ මරණෙන් පලා යා හැකිද? කවදාකව ත් එය එසේ සිදු නොවේ. මරණයට මුහුණදීමට සිදුවන්නනේ අපට තනිවම ය. එතෙක් කල් අප ලඟින් සිටී ලබැඳියන්, අපේ ධනය, දේපල සියල්ල අතහැර තනිවම මරණයට මුහුණ දීමට සිදුවේ. බෞද්ධයන් හැටියට අපි මරණින් මතු ජීවිතයක් පිළිගනී. නොයෙකුත් පර්යේෂණ මගින් ද සත්වයාගේ පුණර්භවය සනාතවී ඇත. මරණින් මතු අප රැගෙන යන්නේ මොනවාද??
අපගේ ජීවිත කාලය තුළ අප සිදුකළ දේවල්වල ප්‍රථිඵලයන් පමණකි. අපගේ ජීවිත කාලය තුල කර ඇත්තේ නරක ම පමණක් නම්??
මරණාසන්න මොහොතේ අපට කුමක් වේවිද?? මතු ආත්මයක අපගේ ජීවිත මොන වගේ වේවිද??

ඉතින් කවදාක හෝ අතහැර දමා යන්නට සිදුවන මේ ශරීරය, අප සතු දේපළ, අප ආදරය කරන පුද්ගලයින් යනාදී සියලු දේවල් වෙනුවෙන් අපි මේ එකිනෙකා තලා, පෙලා, මරාගෙන කරන්නේ මොනතරම් පිස්සුවක් ද?? අද මට දැනගන්න ලැබුණොත් මට දරුණු පිළිකාවක් වැඩිකල් නොගොස් මා මියයන් බව... මට මේ සියල්ල අතහැර දමා යෑමට සිදුවේ..
ඉතින් අපි මැරෙණා මිනිසුන් ලෙස ජීවත්වුනො ත් නරකද??
නෙළුම
මඩෙ හි හටගෙන ජල මට්ටමෙනු ත් ඉහලට පැමිණ ලොව ම සුවඳවත් කරයි...
මඩෙහි පිපුණ ත් එහි පෙතිවල මඩ නැත.
මඩ ගඳ වුව ත් නෙළුම සුවඳ ය..
මේ කෙසේ වුවත් එයද පරව යයි.

5 comments:

Thakshila May 17, 2010 at 12:28 PM  

ඒක ඇත්ත..දැන් ගොඩක් අයට තමන් මැරෙන බව අමතකවෙලා..
nice work...

Dantaka May 17, 2010 at 2:59 PM  

ඔව් සහතික අඇත්ත .................

Anonymous May 17, 2010 at 3:13 PM  

මගේ ජීවිතේ ගැන ආපස්සට හැරිලා හැරිලා බලන්න හිතුනා.අදහස් මරු..
ජයවේවා!!!

රවා May 29, 2010 at 11:26 PM  

එයි සම්පත් මල්ලි .. කොහෙද මෙච්චර කල් හැංගිලා හිටියෙ.. මගෙ බ්ලොග් එකෙ සටහනක් දැම්මෙ මගෙ වාසනාවට මෙ ලියලා නෙමෙ .. මාව උබෙ බ්ලොග් එකෙ ගහලා.. තියන්නෙ.. මල්ලි අලුත් අලුත් දෙවල් හමබ වෙද්දි ගොඩාක් අයට අමතක වෙනවා.. මම කවුද කොහෙන්ද ආවෙ.. මම කොහාටද යන්න ගියෙ... මම කොතනද ඉන්නෙ කියලා...

හරිම ලස්සනට ලියපු පුංචි වචන ටික මාව අතරමං කරා.. උඹ මෙ බ්ලොග් එකෙ ලියලා තියන්නෙ මගෙ හදවතෙ දුවපු වචන ටිකමයි..
මම අදයි මෙ පැත්තෙ ආවෙ ...

sampathjt May 30, 2010 at 10:04 AM  

රවා/
බ්ලොග් එක ලියන්න පටන් අරන් මාස 6ක් විතර උනාට වැඩේ හරියට කරන් යන්න බැරිවුනා..ලඟ ම යාළුවෝ වුනත් දන්නේ නෑ මම බ්ලොග් එකක් ලියනවා කියලා..උන්ට කියන්න හිතුනෙත් නෑ...ඒ උනාට බ්ලොග් එක කියවපු අයගෙන් ලැබුණ ප්‍රතිචාර වලින් හිතට මාර ගැම්මක් දැණුනා..ඉතින් දැන් දිගට ම ලියන්න තමා අදහස...
මාව දිරිගැන්නුවාට ස්තූතියි...

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.