සිත පහුරු ගාමින්
හඳවත දෙබෑ කරමින්
මා සතුට පැහැර ගන්නා
භිය, ශෝක, නින්දා.....
මා වග කිවයුතු නොවන
මා හිමිකරගත්තේ ද නැති
මා සන්තක වූ
අතීතයේ අදුරු සෙවනැළි
හඹා එයි පසුපස....
මා වරදක් කර නැත.
කරන්නට අදහසක් ද නැත
නමුත් කිම ද
මා අතැර නොයන්නේ...
නැගී බිඳෙන රැළි සේ...
ඇතිවී නැතිවන
මා සිතේ
අඳුරු සෙවනැළි....
වාට්ටුව
2 hours ago
4 comments:
අතීතයේ සමහර සටහන් වලින් මිදීම තරමක් දුෂ්කරයි තමයි. ඒ හැඟීම් පදපෙළට නගන්න ගත්ත හොඳ උත්සාහයක්.
අදූරු සෙවනැල්ල
පසු පසින් එයිද
නොදැනෙන පරිදි
නුඹට රිදවයිද
පසු නොබල යන්න
හෙට දිනට ඉන්න
අද ගමන යන්න
ඊයේ වලලන්න........
ඔබගේ අදහසට ගරු කරමි...
ඒක ඇත්ත තමයි.මා යන ගමන අනිවාර්ය්‍යන් ම යනවා..එත් සමාජය තව ම ඉන්නේ මගේ අතීතයේ..අවස්ථාවක් ලැබුණ ගමන් උන් මාව නොමරා මරනවා....
මේ පෝස්ට් එක දාපු කාලෙම අදහසක් පලකරන්න තිබුණානම් තමා හොඳ..මම හිතනවා දැන් ඒ අඳුරු අතීතයෙන් මිඳිලා වර්තමානයට සාර්ථකව මුහුණදෙනවා ඇති කියලා..ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා!!!
Post a Comment
ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..