තව ම මතකයි...


මතක්වුනා ඒ සුන්දර අතීතය
එතකොට අපි UCSC එකේ පොඩි උන්...
කොලොම්පුරේට හා හා පුරා කියලා පයගහපු කාලේ
තුන් දෙනා වාඩිවන ආසනේ,
හත් අට දෙනා
තෙරපි තෙරපි...
අපි අවා විස්සක් විතර
දකුණෙ ඉදන්
ඉරිදා සවස නුවර කෝච්චියේ...
කෝච්චිය අදත් එයි සුපුරුදු ලෙස
අපි ද තව ම එයි
ඒත්???

____________________________________

6 comments:

දිල් April 21, 2010 at 3:57 PM  

ඒත් ඇයි ?
දැන් ඔයා තනියෙන් ...එහෙමද ?

sampathjt April 22, 2010 at 10:51 AM  

දැන් ගොඩක් අය තම තමන්ගෙ ලෝකවල.. සම්හරු පවුල්වෙලා... අයිත් කෝච්චියෙ එකට එනවා තියා සමහරුන්ට දැන් අපිව අදුරන්නත් බෑ.. ජීවිතේ හැටි ඔහොම තමා... මං තව ම එන්නේ කෝච්චියෙ තමා...ඒත් නුවර එකේ නෙවි....

දිල් April 22, 2010 at 1:20 PM  

sampathjt ට/

ජීවිතේ කියන්නේ තාවකාලික නවාතැනක් නෙ.කාලයකට හමුවෙන අය අපිල මොනතරම් ලං උනත් තවත් කාලයකදී එයාල අපෙන් ඈතට යනවා. ඒක තමා ජීවිතය

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath April 23, 2010 at 10:16 AM  

ඇත්ත මචං. මම නම් තාමත් ආසයි ඒ සුන්දර අතීතෙට අපි ගාල්ල මාතර හෙන සෙට් එකක් එනවනේ. කොයියා, කොයිල්, බඩී. බට්ටී, මෝහිනී, වොඩ්කි, සීනා, උඹ, කැව්ලා, බෝසා, මම, සූටියා, ඇනිබල් , කෙකරි තව චුලා තවත් කට්ටිය සෙට් වෙනවනේ. කෝච්චි පෙට්ටියෙන් බාගයක් විතර. සුන්දර මතකයන්. දැන් කට්ටියට වැඩ වැඩියිනේ. එක වෙලාවට යන්න එන්න බෑ. ඒත් මචං අපේ ඒ හිතවත් කම තාමත් පලුදු වෙලා නෑ නේද? අපි ඒ දවස් වල අපිමයි නේද? කොහොම හරි ආයෙ දවසක ඒ විදිහට කට්ටියම එමු කෝච්චියේ. මමත් තාම කෝචිචියේ එන්නෙ. උඹ කිව්ව වගේ නුවර එකේ නෙමෙයි. සඳුදා උදේ සාගරිකා හරි රුහුණ හරි.

Krishan May 6, 2010 at 12:44 AM  

එකට කොච්චියේ නොගියාට අපේ හිතවත් කම තාමත් පලුදු වෙලා නෑ මචං......

sampathjt May 6, 2010 at 9:22 AM  

ඒක ඇත්ත මචං...

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.