බඩ ගගා, දණ ගගා
නැගිටින්නට වෙර දැරූ
පරම්පරා තුනක දූ පුතුන් ට
නුඹ අත දුන්නා අත්තම්මේ...
ජීවිතේ මහගිරිදඹ
තරණය කෙරුමට,
නුඹේ විරියත්, නුඹේ දිරියත්
සවිය දුන්නා අත්තම්මේ...
දෙපා වාරු නැති
බලා සිටි අද
එක්තැන්වී නුඹ අත්තමමේ...
නුඹේ දූ පුතුන් සදා ණයගැති යි
දිරිය මාතා අත්තම්මේ...
මතු සංසාරෙදි නිවන්දකින්නට
නුඹ කළ පින් ඇති
අත්තම්මේ...
707 - දිඹුලාගල මතක සටහන් - 2
11 hours ago
7 comments:
ඇවලට කඳුළු අරන් ආපු නිර්මානයක්. අම්ම අප්පච්චි නැති මාව තාමත් බලාකියා ගන්නේ මගෙ අත්තම්මා .( අපි එයාට කියන්නේ ගමේ අම්මා කියලා )
අම්මෙක්ගෙ ආදරයට චුට්ටක් හරි සමාන කරන්න පුළුවන් වෙන්නේ අත්තම්මෙක්ගෙ ආදරේ විතරමයි
නිරෝගි සුව ලැබ දෙන්නයි
දුකක් හිතට නොම දෙන්නයි
පුතුන් ඈගේ පැමිණෙන්නයි
අත්තම්මා සිනසෙන්නයි
verification අයින් කරොත් මොකද?
අත්තම්මා ගැන සෙනේ පිරි සංවේදි සටහනක්. හිතට දැනුනා මේ පද පෙල සහෝදරයා. ඔබට ජය.
නියම පද පෙල, අත්තම්මා ගැන බොක්කටම දනුනා.....එල කිරි තව ලියපන්!!!!!!!!!
මාව දිරිගන්වන හැමෝට ම බොහෝ ම ස්තූතියි.....
උඹේ ආත්තම්මා ඇත්තටම මුණ ගැහිලා තියන නිසා කවි පේළිය ගොඩක් සංවේදී උනා.
Post a Comment
ඔබගේ සිතට දැණුන අදහස්, ප්රතිචාර මෙහි ලියා යන්න.. ප්රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..