ආදරය නමැති උත්තල කාචය ඉදිරියේ,
නුඹ මාගේ ප්‍රතිබිම්භය යි.......
වස්තුව මා, මුල දී අනන්තයේ විය...
නුඹ නාභීය ලක්ෂයේ නිසල ය......
තෘෂ්ණාව නමැති කිරණින් නුඹ මා හා සමපාත කිරීමට,
මා සිත් වූයේ කිමැ.....?????
කෙමෙන් මා නුඹ කරා පැමිණුනෙමි..
අහෝ....!!!!!!!!
මෙවන් දුකක්.....
මා ලංවන විට නුඹ මාගෙන් ඈතට ගියේ කිමැ....??????
අපට ලංව සිටීමට හැකිවූයේ 4f තරම් දුරක් පමණි....
එහි සියුම් මන්දහාසයන්, නෙතගින් බැලුම් විය..
උත්සාහය අත්නොහල මා 2f ට වඩා අඩු දුරකින් තවත් ලංවිය...
අහෝ නුඹ 2f ගෙනුත් ඈතට යයි....
දැන් මා සිටින්නේ නාභියේ ය...
නුඹ අනන්තයට ම ගොසින්.....
කිමැ....????????
නොපසුබට මා නුඹ හා සමපාත වීමට ආදරය කරා තවත් ලංවුනෙමි....
දැන් නුඹ සිටින්නේ මගේ පැත්තේ ය....
කුමක් කරන් ද.....????
අතාත්වික නම්.....
_________________________________________________________
උද්දච්ඡ කුක්කුච්චලා බල්ලා මාක් වූ වගයි....
2 hours ago
2 comments:
උත්තල කාචයයි ආදරයයි කදිම විදියට ගලපලා තියෙන්නේ...හරිම අපූරුයි...අද තමා මේ පරණ පෝස්ට් එක කියවන්න ලැබුණේ.හරිම අගෙයි.හැබැයි ඉතින් මේක තේරුම්ගන්න භෞතික විද්‍යාව දැනගෙන ඉන්න වෙනවා
අදහස් දැක්වූවාට බොහොම ස්තූතියි..
ජයවේවා!!!
Post a Comment
ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..