කසනවිට සනීපයි මොහොතකට තුවාලය දැවිල්ලයි පසුවට වාගෙයි මතකය නුඹෙ
ගලන ගඟකි නුඹ
වලකාලනු බෑ
මගේ දෑතින්
සැඬ පහරක්වී
ගසාගෙනගොස්
එකතුවී ඇත
මහ මුහුදට
උදුරාගෙන මා සතුවූ
අවසන් හුස්ම පොද ද
වගේ වගක් නැත
මහ මුහුදට
තවත් මුහුවීමක් පමණි
Labels: ඇසුවෙමි දුටුවෙමි , මගේ කවි
ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.
Copyright 2009 - .....ජීවිතයෙන් බිඳක්......