මනුස්සයින් හැටියට අප කාගේ ත් බලාපොරොත්තුව සතුටින් ජීවත්වීම යි.
අපි මහන්සිවී ඉගෙන ගන්නේ ද ඒ වෙනුවෙනි. සමහර විට අප සතුටුවීමට කරනා යම් දෙයකින් තවෙකුට දුකක් හිමිවීමට ද් ඉඩ තිබේ..
"අද කාලා බීලා ජොලියෙ ඉදලා හෙට මැරුන ත් කමක් නෑ" යැයි සිතා ජීවත්වන පිරිසක් ද අප අතර සිටී...
අප සතුටු වන්නේ කෙසේ ද?? මොහොතක් සිතමු...
ඇසට ප්රිය දේ දැකීමෙන්, කණට මිහිරි දෙ ඇසීමෙන්, සුවඳ දේ ආඝ්රහනයෙන්, දිවට රස දේ කෑමෙන්, ගතට සුව දේ ස්පර්ශයෙන්...
අප කැමති දේවල් එක්රැස් කරගැනීම ද අප සතුටු වීමට කරනා ප්රධන දෙයකි. ඒ මුදල්, දේපල, යාන වාහන... ඔබ කැමති දෙයක් ඔබට ලැබුනොත්??? ඔබ කෙතරම් සතුටු වෙනවා ද??මා කැමති දෙයක් ලැබුනො ත් මා කෙතරම් සතුටු වෙනවාද??? එහි අනෙක් පැත්ත, අප කැමති දෙය අපට නොලැබුණො ත්??? අප කෙතරම් දුක්වෙනවා ද??? ඔබ අනුන් සතුටුකර සතුටුවී තිබේ ද???
තවෙකෙක් වෙනුවෙන් යමක් කැපකර, සුලු හෝ උදව්වක් කර සතුටුවී තිබේ ද??? ඔබ කැමැත්තෙන් ලඟ තබාගත් යමක්,
ඇබ්බැහිවී සිටි නරක පුරුද්දක් අත්හැරීමෙන් සතුටුවී තිබේ ද?? එවැනි දෙයකින් අප වෙනත් දෙයක් කිරීමෙන් දැනට ලබනවාට වඩා ලොකු සතුටක් ලැඹීමට අවස්ථාව උදාවනු ඇත..එය බසයක යන විට තවෙකුට තම ආසනය පරිත්යාග කිරීම, අසරණයෙකුටපිහිට වීම වැනිදෙයක් විය හැක.
ඔබ ජීවිතයේ කවරදාක හෝ තවෙකුගේ ජීවිතයක් බේරාගැනීමට හැකියාවක් ලැබුණි නම් ඉන් ඔබේ සිතට දැනෙන සතුට ඔබට ඔබගේ මුලු ජීවිත කාලයම සතුටින් සිටීමට ප්රමාණවත් ය...එය සිහිවන වාරයක් පාසා ඔබට සතුටු විය හැක...
අප තණ්හාවෙන් යමක් අප සතුකර ගැනීමට ගොස් එය නොලැඹීමෙන් දුක් විදිනවාට වඩා,
අප සතු දෙයක් තවත් කෙනෙකු වෙනුවෙන් අත් හැරීමෙන්, කැප කිරීමෙන් කෙතරම් සහනයක් ලැබේදැයි අත්හදා බලන්න....
_________________________________________________________________
සතුට
Labels: ජීවිතය දකින්න (ලිපි)
බේබද්දෝ
වත්මන් සමාජයට පිළිලයක් බවට අද මත්පැන් පත්ව ඇත.
සෑම තරාතිරමක ම, සෑම සමාජ කොට්ටාශයක ම අඩු වැඩි ලෙස මතට ඇබ්බැහි වූවන් දැකගත හැක.
දුකට, සතුටට,ජොලියට, ආතල් එකට, කට්ටිය සෙට් වුනා ම යනාදී විවිධ හේතූන් මුල් කරගෙන බොහෝ දෙනා මත් ලෝලීන් බවට පත්ව ඇත."ඉඳ හිට පොඩි අඩියක් ගැහුවට කමක් නෑ, කොල්ලො උනා ම පොඩි අඩියක් ගහන්න ඕන" කියා සිතා සිටින පිරිසක් ද සිටී. සෞඛ්ය අතින් බැලුවත් මද්යසාර අක්මාව, වකුගඩු, මොළය අශ්රිත පටකයන්ට සෘජුව ම හානිකරනබව මේ සියළු දෙනා නොදන්නවා නොවේ...
අප රට ආක්රමණය කළ විදේශිකයින් පළමුව කලේ අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශකිරීමයි..
එසේ නොකර කවදාකවත් ඔවුන්ට අප රට අල්ලාගැනීමට නොහැකිබව ඔවුන්ට පසක්විය. එදා එකාවන් ව ජාතියක්සේ නැගීසිටි
අප ඔවුන්ගේ උගුලට අහුවිය.ඔවුන් අපව බේබදුකමට හුරුකරවිය. එතැන්පටන් අපේ සංස්කෘතිය විනාශ විය.රට ජාතිය පරිහාණියට පත් විය.අප යටත් වැසියන්, පරගැතියන් විය..බහුතරයක් බේබද්දෝ විය.සිංහලයා පිරිහුණි.
මෑත කාලීන ඉතිහාසය අරන් බැලුවහොත් අප මත්පැන් නිසා රටක්, ජාතියක් ලෙස කෙතරම් පිරිහෙලාදැයි දැකගත හැක.වරක් ලොව බහුතර බේබද්දන් සිටින රටවල් අතර මුල් තැනට පැමිණ තිබුණි.මත්පැන් නිසා අපට අහිමිවී ගිය දේ බොහෝ වෙති.
බහුතර ජනතාවගේ දරිද්රතාවට බේබදුකම ප්රධාන හේතුවක් වී ඇත.සාමාන්ය කම්කරුවෙක් සැලකුවහොත් බොහෝවිට ඔහුගේ දෛනික ආදායමෙන් අඩකටත් වඩා මත් පැන් සදහා වැයකරයි.මිනී මැරුම්, අඹු සැමි ගැටුම්, පවුල් ආරවුල් යනාදී නොයෙකුත් සමාජයීය හා සංස්කෘතික ගැටලු බහුතරයකට බේබදුකම හේතුවී ඇත.මත් පැනෙන් අපට ලැබෙන වාසියක් නොමැත. විවෘත ආර්ථිකයත් සමග මද්යසාරය විවිධ වෙස් වලාගෙන අප රට කරා පැමිණ ඇත.ඉතින් අපට කළ හැක්කේ කුමක් ද?මේ මහා විනාශයට ගොදුරුවී ඇත්තේ සිංහල බෞද්ධයා ය. දැනට අවුරුදු කිහිපයකට පෙර සෝම හිමියන් විසින් සිංහලයාට සිදුවී ඇති විපත පෙන්වාදී රටක් ලෙස ඉදිරියට යෑමට මහජනයා පොලඹවමින් විශාල මෙහෙයක් කරන ලදී.මතට ඇබ්බැහි වූවන් උත්සාහ කරනුයේ තවත් උන් තම ගොඩට එකතු කරගැනීමට යි.ඔවුන් තමන් වීරයන් ලෙසත් අනෙක් අය නපුංසකයන් ලෙසත් සලකති. ඒ ඔවුන්ගේ දුර්වල මානසිකත්වය යි. අප ඔවුන්ට අනුකම්පා කළ යුතු ය.
ඉතින් අප සිතිය යුත්තේ මේ යන විදියට ම යන්න ඉඩ දී අප ත් පිරීහී රට ත් පිරිහී ජාතියක් ජන්මයක් නොමැති කාලකණ්ණි හැත්තක් ලෙස යන රැල්ලට ම හසුවී එහි ගොදුරක් වෙනවාද??, නැතිනම් උඩුගම් බලා පිහිනනවාද කියා ය.
"අනිකා ඉස්සර වෙනතුරු බලා නොසිට, තම අතේ තිබෙන ගල් ගෙඩිය ඉලක්කයට ගසනු.එවිට අනෙක් උන්ද ඔබව අනුගමනය කරනු නිසැකය.."
___________________________________________________________
Labels: ජීවිතය දකින්න (ලිපි)
මායාව
හිරුත් නැති සඳ ත් නැති
කිසිදු තරුවක් ද නැති
ඝණදුරට ගොදුරක් ව තිබූ
පාලු සිත් අම්බරේ
පෑයූ එක ම තරුව නුඹයි.....
හිරු ත් නුඹ ම විය.
සඳු ත් නුඹ ම විය.........
එය මා දුටු සිහිනයකි
එනමුදු සුන්දර ය.
යතාර්ථයක් ද නැති මායාවකි....
මංමුලාවීමකි....
මොහොතකට පෑයූ
තරුවක් ම විය නුඹ...
කෙසේ වන්න ද මගේ දිවියට
ආලෝකයක් නුඹ...
________________________________________
Labels: මගේ කවි
ජීවිතය
නුඹ හරිම ගුප්ත ය.
විටෙක හරි ම සැහැල්ලු ය.
සතුටෙ හි උපරිමය ට යන්නේත්,
දුකෙ හි පතුලට ම යන්නේත් නුඹම ය.
විටෙක මා නුඹ ම වෙමි.
මා සිතා සිටියේ නුඹ මාගේ කියා ය.
නුඹ මට සදාකාලිකව ම හිමි නොවන්නකි.
නුඹ තාවකාලික ව මා ලද සම්පතකි.
නුඹ මට හිමි වූ දා සිට මා ණයගැතියෙක් මි.
කිසිදා එම ණයෙන් මට නිදහස් වීමට නොහැක.
මා සැමදා නුඹ ට පෙම් කරමි.
නුඹ රැක ගැනීම මා සතු පරම යුතුකමකි.
මා සැමදා වෙර දරන්නේ නුඹ ජයගැනීමට යි.
අන් සතු නොවන නුඹ සැමදා මගේ ම ය.
....වෙන කිසිවෙකුත් නොව නුඹ මාගේ ජීවිතය යි....
_____________________________________________________________
Labels: මගේ කවි
කාලෙකින් අසන්නට ලැඹුණ ලස්සන ගීතයක්...
ගඟට කපන ඉණි ගඟ දිය රැගෙන යති
සැපට වැඩුණු කය පොළොවට දිරා යති
අපට නොවෙයි බඹුට ත් මරු ලඟාවෙති
පිණට දුන්නු දේ පමණක් ඉතුරුවෙති.....
මලේ සුවඳ නැති වෙයි පෙති හැලුනා ම
ගතේ රුසිරු නැතිවෙයි රැළි වැටුනා ම
ගඟේ මහිම නැති වෙයි දිය සිදුනාම
දුන්දේ සුවඳ පවති ලොව හැමදා ම.....
කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
බීමෙන් හොඳ බීම මව්ගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුඟියට දන්දීම
යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම.....
කන බොන කෑම තනියම වලඳන්න එපා
අසරණ කෙනෙකු ආවිට එලවන්න එපා
අනුවණ කමෙන් පව් සිදුකරගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත්වෙන්න එපා......
සුනිල් එදිරිසිංහයන් විසින් ගායනාකරනු ලබන මෙම අර්ථාන්විත ගීතය අද ඇහෙන සමහර තුට්ටු දෙකේ ගීත හා කෙසේ සසඳන්න ද???
අහන්න කැමති අය මෙතනින් බාගතකරගන්න.
________________________________________________________
Labels: ගීතයකට සටහනක්
අතාත්වික වූ ප්‍රතිබිම්භය
ආදරය නමැති උත්තල කාචය ඉදිරියේ,
නුඹ මාගේ ප්‍රතිබිම්භය යි.......
වස්තුව මා, මුල දී අනන්තයේ විය...
නුඹ නාභීය ලක්ෂයේ නිසල ය......
තෘෂ්ණාව නමැති කිරණින් නුඹ මා හා සමපාත කිරීමට,
මා සිත් වූයේ කිමැ.....?????
කෙමෙන් මා නුඹ කරා පැමිණුනෙමි..
අහෝ....!!!!!!!!
මෙවන් දුකක්.....
මා ලංවන විට නුඹ මාගෙන් ඈතට ගියේ කිමැ....??????
අපට ලංව සිටීමට හැකිවූයේ 4f තරම් දුරක් පමණි....
එහි සියුම් මන්දහාසයන්, නෙතගින් බැලුම් විය..
උත්සාහය අත්නොහල මා 2f ට වඩා අඩු දුරකින් තවත් ලංවිය...
අහෝ නුඹ 2f ගෙනුත් ඈතට යයි....
දැන් මා සිටින්නේ නාභියේ ය...
නුඹ අනන්තයට ම ගොසින්.....
කිමැ....????????
නොපසුබට මා නුඹ හා සමපාත වීමට ආදරය කරා තවත් ලංවුනෙමි....
දැන් නුඹ සිටින්නේ මගේ පැත්තේ ය....
කුමක් කරන් ද.....????
අතාත්වික නම්.....
_________________________________________________________
Labels: මගේ කවි
ඇරඹුම
බ්ලොග් එක ලියන්න කොහොම පටන්ගන්නද මන්දා......
මුලින් ම මාව හඳුන්වලාම වැඩේ පටන්ගත්තොත් හොදයි වගේ. මගේ නම සම්පත් සුරංජි. අමුතුයි වගේ නේ....????
හ්ම්..... පොඩි කාලෙ නම් මම මගේ නම නිසා ගොඩක් චාටර් උනා... ඒ "සුරංජි" කියලා තියෙන නිසා. ඒක ඉතින් කෙල්ලන්ට දමන නමක් නේ....?????? හැබැයි දැන්නම් එහෙම අවුලක් නෑ... මම O/L වෙනකන් ගියේ අහංගම ශාරිපුත්‍ර ම.වි ට. ඒක මිශ්‍ර පාසලක්. අපේ පංතියෙත් හිටියා "සුරංජි" කියලා කෙල්ලෙක්. ඉතින් අම්බානෙට චාටර්.... ඒ කාලේ මගේ නම නිසා මං ගොඩක් දුක් වුනා..... සමහර කොල්ලො මට සුරංජි කියලා කතා කරේ මාව චාටර් කරන්නම හිතාගෙන...එහෙම නොවුනත් මට හිතුනෙ එහෙම ම යි.....O/L class එකේ දි අපිට science කරෙ ලංකා රණසිංහ කියලා මිස් කෙනෙක්. එයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ගුරුවරියක්.... අපි එතුමිය ට ගොඩාක් ගරුකළා...ඉතින් එතුමිය මට කතා කරෙත් "සුරංජි" කියලා.... ටික දවසක් යද්දි ඒ නම මට සාමාන්‍ය දෙයක් වුනා.... A/L කරන්න්න මහින්දෙට ගියාමත් සමහර යාළුවෝ මාව ඇමතුවේ "සුරංජි" කියලා. ඉතින් දැන්නම් ඒක නොර්මල්......මගේ නමේ කතන්දර ටික ඔහොම තමා.....
මගේ ගම අහංගම. ඒ කියන්නෙ ගාල්ලට ටිකක් එහා...මාතර ට මෙහා.....
බ්ලොග් එකක් ලියන්න හිතන් හිටියෙ කාලයක ඉඳන්....කොහොමහරි වැඩේ කල් ගියා.....
හා, හා පුරා කියලා ලියන බ්ලොග් සටහන තමා මේක....
හිතේ තියෙන දේවල්වල් අකුරුවලට පෙරලන්න සිත්තමට නගන්න පොඩි කාලේ ඉදන් පුරුද්දක් තිබුනා. ඒ දේවල්වලට ලොකු ආසාවකුත් තිඹුනා.... ජීවිතේ ගොඩක් දේවල් ඉක්මනට ම වෙනස් උන කාලයක් තමා මේ ගෙවෙන්නෙ....
එහෙම කියන්න ගොඩක් හේතු තියෙනෝ.... ඒවා පසුව ලියන්නම්..මම කොළඹ්හ විශ්වවිද්යාලයීය පරිගණක අධ්‍යයනායතනයෙ (UCSC) දෙවන වසරේ ඉන්නේ.. වෙනස් විදියට හිතන්න , වෙනස් වැඩ කරන්න ගොඩක් ආස කෙනෙක්... ඒ වාගේ ම බෞද්ධ දර්ශණය, මනෝවිද්‍යාව ගැන කියවන්න, ගොඩක් ආසයි... ඒවා අත්හදා බලන්නත් ඒවත් එක්ක ජීවත් වෙන්නත් ගොඩක් කැමතියි.... මං ඉතින් නිස්කලංක පාඩුවේ සයිලන්ස් එකේ ඉන්න තමා කැමති... මගේ ජීවිතේ නම් පටන්ගත් දා ඉදන් ම අවුල් ලෝකයක්...දැන් ඉතින් කරන්නෙ ඒ අවුල් එකින් එක විසඳන් එක....3rd shy එකෙන් තමා මෙහේ ආවෙ පන දාගෙන වැඩ කරත් කොහොම හරි ඉතින් engineering යන්න බැරි උනා... තවත් ලිව්වොත් මේක චරිතාපදානයක් වෙයි වගේ.....
හ්ම්..... මම ගැන කිවුවා ඇති වගේ....
_______________________________________________________
Labels: වර්ගීකරණය නොකළ
