Showing posts with label වර්ගීකරණය නොකළ. Show all posts
Showing posts with label වර්ගීකරණය නොකළ. Show all posts

සාපේක්ෂ දෘෂ්ඨිය


 

නිරුවත් දෑසින් නොදැක යතාර්ථය
පාට පාට කණ්ණාඩි තුලින්
අපි දකිනා මිත්‍යාව
*
*
*
A: මචං ඒක සුදු පාටයි නේ??
B: නෑ බන් ඒක කලු පාටයි
බොරුනම් මේක දාගෙන බලපන්
A: ඇත්තනේන්නම්
ඒක කලු පාටයිනේ...
A: මචං ඒක කලු පාටයි නේ??
C: නෑ බං ඒක සුදු පාටයි
බොරුනම් මේක දාගෙන බලපන්
A: ඇත්තනේන්නම්
ඒක සුදු පාටයිනේ....

ආවේගී පහර


දෘඩ වස්තුවක්ව පැවති මා ගත
ලුහු දඬු රාමුසැකිල්ලක් ලෙස ගිලන්ව
තෙරපුම් ආතති දරාගනිමින්
රළු පෘෂ්ඨයක් වූ මෙට්ටය මත
උදාසීන සමතුළිතතාවයේ ද
භ්‍රමණ චලිතයේ ද
විටෙක වෘත්ත චලිතයේ ද යෙදෙමින්
පූර්ණ ප්‍රත්‍යාස්ථ යැයි කිව නොහැකි පරිදි
දහසක් සිතුවිලි ගැටෙමින්
මන්දනය වෙමින් පැවති ධණාත්මක සිතුවිල්ල
නිසලවීමට ආසන්න මොහොතක
මට මතක්වුනා
ජීවිතය උඩු යටිකුරුකළ ඒ වචන ටික

"ජීවිතයේ සටන් නිරන්තරයෙන් ම
වඩා ශක්තිමත් හා වඩා වේගවත් ම මිනිසා විසින්
ජයගනු නොලැබේ...
ඉක්මනින් හෝ පමාවී හෝ
දිනන මිනිසා වන්නේ,
තමාට හැකි යැයි සිතන මිනිසාය... "


සියොලඟම දෙදරාගිය ආවේගී පහරින්
මා නැඟිටුණෙමි.
***
**
*

..ඔව් ඒ මම තමා..



            
මම
ඔව්
ඒ මම තමා
*
*
මතක නැද්ද
ඇයි යකෝ ඔහොම බලන්නේ
ඉස්සර උඹලත් එක්ක
හන්දිගානේ රස්තියාදු ගැහුවේ
කුරුම්බා ගස් පාලුකරේ
මුළු දවසෙම වෙලේ කරක්ගැහුවේ
*
*
මම
ඔව්
ඒ මම තමා
*
*
ඔව් යකෝ
අවුරුදු හත අටකට කලින්
තොපිත් එක්ක
ඒ හිටිය එකා තමා
අවස්ථාවක් දීලා බලාපල්ලා
තවම මම උඹලගේ එකෙක් කියලා පෙන්වන්න
තවමත් ඒ ලෙංගතුකම හිතේ තියෙනවා
මේං එබිලා බලාපන්
*
*
අතීතයෙ දවසක
සිතුවිල්ලකට එහා නොතිබූ නුදුරු බව
මෙදා අහස පොළොව තරම් දුරස්ව
පාර තොටේ හමුවෙන අපි
නන්නාඳුනන උන් වගේ
වෙන්වෙන අපූරුව
*
*
මම තොපිට කරපු
වරද කියාපල්ලා
*
*
මම
එදා තිස්ස
දැන් පියල්
හෙට
සවිමන් කබලානට
සමකරන්නද තොපි වෙරදරන්නෙ
*
*
මේ අපේ එකෙක් කියලා
සතුටු වෙයල්ලා
කුහක කම් අතෑරලා
වරෙන්
තවම මම
මම
*
*

ඇරඹුම

බ්ලොග් එක ලියන්න කොහොම පටන්ගන්නද මන්දා......
මුලින් ම මාව හඳුන්වලාම වැඩේ පටන්ගත්තොත් හොදයි වගේ. මගේ නම සම්පත් සුරංජි. අමුතුයි වගේ නේ....????
හ්ම්..... පොඩි කාලෙ නම් මම මගේ නම නිසා ගොඩක් චාටර් උනා... ඒ "සුරංජි" කියලා තියෙන නිසා. ඒක ඉතින් කෙල්ලන්ට දමන නමක් නේ....?????? හැබැයි දැන්නම් එහෙම අවුලක් නෑ... මම O/L වෙනකන් ගියේ අහංගම ශාරිපුත්‍ර ම.වි ට. ඒක මිශ්‍ර පාසලක්. අපේ පංතියෙත් හිටියා "සුරංජි" කියලා කෙල්ලෙක්. ඉතින් අම්බානෙට චාටර්.... ඒ කාලේ මගේ නම නිසා මං ගොඩක් දුක් වුනා..... සමහර කොල්ලො මට සුරංජි කියලා කතා කරේ මාව චාටර් කරන්නම හිතාගෙන...එහෙම නොවුනත් මට හිතුනෙ එහෙම ම යි.....O/L class එකේ දි අපිට science කරෙ ලංකා රණසිංහ කියලා මිස් කෙනෙක්. එයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ගුරුවරියක්.... අපි එතුමිය ට ගොඩාක් ගරුකළා...ඉතින් එතුමිය මට කතා කරෙත් "සුරංජි" කියලා.... ටික දවසක් යද්දි ඒ නම මට සාමාන්‍ය දෙයක් වුනා.... A/L කරන්න්න මහින්දෙට ගියාමත් සමහර යාළුවෝ මාව ඇමතුවේ "සුරංජි" කියලා. ඉතින් දැන්නම් ඒක නොර්මල්......මගේ නමේ කතන්දර ටික ඔහොම තමා.....
මගේ ගම අහංගම. ඒ කියන්නෙ ගාල්ලට ටිකක් එහා...මාතර ට මෙහා.....

බ්ලොග් එකක් ලියන්න හිතන් හිටියෙ කාලයක ඉඳන්....කොහොමහරි වැඩේ කල් ගියා.....
හා, හා පුරා කියලා ලියන බ්ලොග් සටහන තමා මේක....
හිතේ තියෙන දේවල්වල් අකුරුවලට පෙරලන්න සිත්තමට නගන්න පොඩි කාලේ ඉදන් පුරුද්දක් තිබුනා. ඒ දේවල්වලට ලොකු ආසාවකුත් තිඹුනා.... ජීවිතේ ගොඩක් දේවල් ඉක්මනට ම වෙනස් උන කාලයක් තමා මේ ගෙවෙන්නෙ....
එහෙම කියන්න ගොඩක් හේතු තියෙනෝ.... ඒවා පසුව ලියන්නම්..මම කොළඹ්හ විශ්වවිද්යාලයීය පරිගණක අධ්‍යයනායතනයෙ (UCSC) දෙවන වසරේ ඉන්නේ.. වෙනස් විදියට හිතන්න , වෙනස් වැඩ කරන්න ගොඩක් ආස කෙනෙක්... ඒ වාගේ ම බෞද්ධ දර්ශණය, මනෝවිද්‍යාව ගැන කියවන්න, ගොඩක් ආසයි... ඒවා අත්හදා බලන්නත් ඒවත් එක්ක ජීවත් වෙන්නත් ගොඩක් කැමතියි.... මං ඉතින් නිස්කලංක පාඩුවේ සයිලන්ස් එකේ ඉන්න තමා කැමති... මගේ ජීවිතේ නම් පටන්ගත් දා ඉදන් ම අවුල් ලෝකයක්...දැන් ඉතින් කරන්නෙ ඒ අවුල් එකින් එක විසඳන් එක....3rd shy එකෙන් තමා මෙහේ ආවෙ පන දාගෙන වැඩ කරත් කොහොම හරි ඉතින් engineering යන්න බැරි උනා... තවත් ලිව්වොත් මේක චරිතාපදානයක් වෙයි වගේ.....
හ්ම්..... මම ගැන කිවුවා ඇති වගේ....


_______________________________________________________


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.