ගඟට කපන ඉණි ගඟ දිය රැගෙන යති
සැපට වැඩුණු කය පොළොවට දිරා යති
අපට නොවෙයි බඹුට ත් මරු ලඟාවෙති
පිණට දුන්නු දේ පමණක් ඉතුරුවෙති.....
මලේ සුවඳ නැති වෙයි පෙති හැලුනා ම
ගතේ රුසිරු නැතිවෙයි රැළි වැටුනා ම
ගඟේ මහිම නැති වෙයි දිය සිදුනාම
දුන්දේ සුවඳ පවති ලොව හැමදා ම.....
කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
බීමෙන් හොඳ බීම මව්ගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුඟියට දන්දීම
යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම.....
කන බොන කෑම තනියම වලඳන්න එපා
අසරණ කෙනෙකු ආවිට එලවන්න එපා
අනුවණ කමෙන් පව් සිදුකරගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත්වෙන්න එපා......
සුනිල් එදිරිසිංහයන් විසින් ගායනාකරනු ලබන මෙම අර්ථාන්විත ගීතය අද ඇහෙන සමහර තුට්ටු දෙකේ ගීත හා කෙසේ සසඳන්න ද???
අහන්න කැමති අය මෙතනින් බාගතකරගන්න.
________________________________________________________
නඩුකාරයන් විශ්රාමයාම
1 day ago
5 comments:
නියම සින්දුවක් මේක. යාලුවො සෙට් වෙන වෙලාවල නිතර කියපු සින්දුවක්. ස්තූතියි නැවත මතකයට නැගුවාට ඔබට.
නිතර ඇසෙන අරුත්සුන් ගීත අතරේ මෙවන් ගීතයක් ඇසීමත් වාසනාවක්.
කවුද මේක කියන්නේ?
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත්වෙන්න එපා......
මේක කියන්නේ සුනිල් එදිරිසිංහයන්....
Post a Comment
ඔබගේ සිතට දැණුන අදහස්, ප්රතිචාර මෙහි ලියා යන්න.. ප්රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..