Posted by
Unknown
Friday, February 4, 2011
නැවුම් බවෙන් පිරිපුන්වී
රස පානය සැපයුම්කළ
පුරුදු පරිදි අද උදයෙත්
එකතු කළා කිරි කලයක්...
ඇති නොකියා තව ඉල්ලූ
කිරි ටිකටත් උන හදියක්
එපා කියා යන්නට යයි
වැටුන නිසා ගොම බිඳුවක්...
කුස ගිනි ඇති තවත් එකෙක්
ආවෝතින් කිරි ගන්නට
රසකර කර බොන්නෙ නැතැයි
දන්නේ නැතිව වැටුණ බවක්
කිරි කලයට ගොම බිඳුවක්....
Posted by
Unknown
Monday, January 3, 2011
මේ කමීස වැඩිකල් අදින්න බෑ
ඉක්මනට කිළිටිවෙන හැටි...
ඒ මදිවට කහට පැල්ළම් යවන්න ගිහින්,
දිරාපත් වෙලා
දැන් ඒකෙ පාටත් ගිහින්...
එකම කමීසෙ හැමදාම අඳින්න තිඹුණා නම්
ඔය සමහරු මැරෙණකම්ම එකක් අඳිනව කියන්
මටත් තව ඒවා එපා...
අනික ඔය ලාබෙට දෙන ඒවා
වැඩිකල් අඳින්න බෑ
ඒක මම අත්දැකීමෙන් ම දන්නව...
ඒත් මට මේක නම් තව වැඩි කළක්
අඳින්න බැරිවේවි..
අනික මට මේ කමීසෙ හරි යන්නෙත් නෑ..
එහෙමෙයි කියලා මෙතුවක් ඇඳපු මේක
කොහොම ගලවන්නද
මේක මට දැන් හොඳට ම ඇතිවෙලා තියෙන්
එක්කො මම කමීසයක් නැතුව ඉන්නවා..
ඒත්....????
Posted by
Unknown
Friday, December 3, 2010
මගේ ගොඩ පුරවගන්න
මගේ බඩ වඩවගන්න
ඌට වඩා ඉහලයන්න
එයටයි මේ වෙහෙසවෙන්නෙ....
ඌට වාසි මට පාඩුයි
බැහැ නොවැ ඉවසා ඉඳින්න
මගේ රුපියල මට දීපං
පාඩුව බෑ දරාගන්න...
ඒ රුපියල වියදම්කර
ගන්නව මම ටිකට් එකක්
හය මාසෙක යනවා මම
දිව්‍ය ලෝකේ ටුවර් එකක්...
?
?
?
?
?
*****
අනේ මාරයෝ මට දැන් ම මැරෙන්න බෑ
...දැන්ම මැරෙන එක මට හරි පාඩුයි...
Posted by
Unknown
Thursday, October 21, 2010
දෑතක් එක්කොට ගහපු
අත් පොළසනක්
කණ පැලෙන සද්දයක්
දෑත එකිනෙකාට දොස් නඟයි...
අන්න එකෙක් මැරිලා
මම දන්නෑ
කොකා ගැස්සුවේ උඹ
මම තුවක්කුව අල්ලාගෙන හිටියා විතරයි...
දැන් ඉතින් කෑ නොගහ හිටපන්
කවුරුවත් දැක්කෙ නෑ
කාටවත් ඇහුණෙ නෑ
පෙති ටික ඉක්මනට එකතුකරගනින්
ගාණට අමුනාපන්...
තව හදිසිකාරයෙක් ඒවි
ෂා...
ඔය තියෙන්නෙ නියමෙට
දැන් පිපුණා වගේ...
Posted by
Unknown
Saturday, September 25, 2010
විරූපී වත හිමි ස්ත්‍රියකගේ
සළුවට වැසුණු තැනක්වත්
දක්නට අකමැති පිරිමින්...
සුරූපී වතක් ඇති ස්ත්‍රියක් දුටු තැන
සිත එහි ම ඇලෙයි නම්,
ඇගේ වැසුණු තැන්
දක්නට එතරම් ලොල් නම්,
පිරිමින්ගෙ හිත ඇදී යන්නේ
කෙල්ලෙකුගේ ලස්සන මුහුණට නම්,
ඇයි වැදගැම්මක් නැති අනෙක් තැන් වහගෙන
මූණ පෙන්නගෙන ඉන්නෙ...?
Posted by
Unknown
Wednesday, September 15, 2010

තෘෂ්ණා සාගරේ ගිලී කිමිදී
අයාලේ දුවන සිතුවිලි
මායිමක් නැති
වැටකඩොළු නැති
බැද දැමූ ලණු පටක් වත් නැති
දකින දේවල සිත ඇලෙන විට
ඇලුණු සිත දුක රැගෙන එන විට
රූපෙට දොස්නඟා
ඇසට ශාපකර
ලබන්නේ කුමන ඵලක්ද...
Posted by
Unknown
Sunday, September 5, 2010
මුළු දවසෙ ම
වේලි වේලි හිටියා හොඳට ම ඇති
තවත් ඉන්න බෑ
පට්ට බඩගිනියි
පාන් කෑල්ලක්වත් කන්න ඕන
*
*
*
...හ්ම්...
*
පට්ට රහක් නොවැ තියෙන්නෙ
මේ වගේ දිව්‍ය භෝජනයක් තව කොයින් ද
*
*
*
...ෂික්...
*
ෆ්‍රයිඩ් රයිස් ඇවිල්ලා
පාන් කියන්නෙ කෑමක් ද
තව ටිකක් ඉවසුවානම්
*
දැන් බඩ පිරිලා
ඒත් තව කන්න පුළුවන්
*
*
*
පහුවෙලා බැරියැ
*****
Posted by
Unknown
Friday, August 27, 2010
පිරුණු ලැම දෙස
ඇරුණු ගවොම් කරෙන්
එඹිකම්පානා...
ගූඪ තැන්හි වින්දනයේ
පහස සොයන මිනිසා,
නුඹේ...
නුරාවෙන් පිරුණ රකුසු නෙතට
නොපෙනෙනෙ,
කුස පිරෙන්න කිරි බොමින්
ඇකයේ නිඳන ඇගෙ දරුවා...
Posted by
Unknown
Saturday, August 21, 2010
මේ ඉන්නේ මම
ඔව් ඔව් ඔය පින්තූරයකු ත් දාලා තියෙන්...
මේ මම ලියපුවා...
ඒවා මගේ...
නේකවිද දේවල් මෙලොව
තව කොතෙක් තිබෙද මගේ කියා..
ඇත්තට ම ඒවා මගේ ද?
එතකොට මේ මම
ඇත්තට ම ඒ මම ද?
Posted by
Unknown
Tuesday, August 17, 2010
උදේ ඉස්කෝලේ පටන්ගන්නා තුරු
හවසට කෙල්ලන් යලි එනතුරු
ගාමන්ට් යන කෙල්ලන් පාරේ පොදිකන තුරු
ජැන්ඩි පහට ඇඳගෙන
ජෙල් ටිකක් ගාගෙන
සෙන්ට් පුයරත් දමාගෙන
රෝද දෙකේ මනමාලයෝ...
එහෙට යනවා මෙහෙට යනවා...
අම්මලා අප්පලා හම්බුකරනකන්
ගෙදර ලිපේ බත් ඉදෙනකන්
ගජයො සෙට් එක වටේ ඉන්නකන්
පදිමු පදිමු ඇතිවෙනතුරු
මුරකරමු හැම හන්දියක්ම
මේක හරි ජොලි ජීවිතේ...
රස්සාවල් මොකටද
පන්නාගෙන එමු ඉස්කෝලෙ යන කෙල්ලක්..
යවමු හෙට ඉඳන් ගාමන්ට්...
මදි පාඩුවක් අම්මා අප්පාගෙන් ඉල්ලාගමු
ආයිත් පදිමු...පදිමු...
මේක හරි ජොලි ජීවිතේ...
පවුලට එකා දෙන්නා එකතුවෙනකොට
කෑම බීමත් ගෙදර හිඟවෙනකොට
කරපු කුප්ප වැඩ එළි දකිනකොට
ගෑණිගෙ සද්දෙත් වැඩිවී එනකොට
හට්ටි වළං පොඩි ගුවනින් යනකොට
හිටපු සෙට් එක අඩුවී යනකොට
අම්මා තාත්තා ත් පිහිටට නැතිකොට
ජොබ් හොය හොයා පිස්සු හැදෙනකොට
මේක හරි ජොලි ජීවිතේ...