Posted by
Unknown
Tuesday, September 29, 2015
දවසක්දා මම යනකොට
තඩි මල්ලත් උස්සාගෙන
ඉස්කෝලෙට කෝච්චියෙන්
මහ මෙරක බරක් හිතේ දරන්
ඇය යනවා
අම්මා හට වාරු තියන්
අසීරුවෙන්
දරු පැටියෙක් කුසේ දරන්
සායනයට
අසරණ මුහුනින් යුක්තව
නෙතු සඟලම
බිමට හොවා
ලැජ්ජාවෙන්
එක බංකුවෙ එකට ඉඳන්
අකුරු කෙරුව පුංචි දැරිය
Posted by
Unknown
Tuesday, September 22, 2015
ඇයගේ අතීතයේ ඔහු ද
ඔහුගෙ අතීතයේ ඇය ද
නැත
එනමුදු තව බොහේ අය සිට ඇත
එහෙයින්
ඔවුන්ට අනාගතයක් නැති ද?
Posted by
Unknown
Thursday, June 25, 2015
පරිවාර වාහන හත අටක් වටකර
පොළිස් සයිරන් නළා හඬවමින්
යයි හැටට හැටේ
ප්‍රභූ මැතිදුන්
හිස නමා ආචාර කරයි රාළහාමි
සසරෙ පිං කර නොමැති එලෙසින්
පොදු මහජනයා
යති තනි කකුළෙන් එල්ලී පාපුවරුවේ
දහදිය පෙරාගෙන
පැය ගනන් හිර වෙවී තද බදේ
නැවතුවා බස් රථය
අපේ රාළහාමි
බහිනව තමුසෙලා
තුන් දෙනාව ම
දාහ ගානේ හැම දෙනාට ම
ලියුවා දඩ කොළේ...
Posted by
Unknown
Wednesday, June 17, 2015
සොයයි නම්බූ නාම
බලයි කුළ මළ
යාන වාහන
වතුපිටි යහමින්
තිබේදැයි
සහකරුවාට
අතැඟිලි බඳිනට
තම දියණියට
ලන්සු තබති ගණුදෙනුකරුවන් වටවී
ලොවට හොරා රහසේ ඉකිබිඳියි ඇය
අතීතයේ දිනයක තම වටිනා දෑ සියල්ල
පුද දී අවසන් වූ කල
හොර රහසෙ සැඟවගිය
සත්‍යප්‍රේම භෘංගරාජයා
කළ හදිය සිහිවී...
Posted by
Unknown
Monday, May 25, 2015
ලොවට හොරෙන්
කරන කෙරුම්
රඟන රැඟුම්
මේ ලොව දනී තවෙකෙක්
දිනක් පැමිණෙයි
විත්ති කූඩුවට නඟිනා
මායාවේ දුහුල් සළුව ලිහී
සියළු චෝදනාවලට වැරදිකරුවන
සිතන වාරයක් පාසා
බරපතල වැඩ සහිත
දඩුවම් විඳිනා
හෘද සාක්ෂියේ අධිකරණයේ
Posted by
Unknown
Wednesday, May 13, 2015
අත්හැරීම
සංකල්පයක් ම වී
බණමඩුවල කථා ඇතුලෙ
පුස්කාපු තැටිවල
පරණ වෑර්ලස් හඩින්
කොතෙක් ඇහුනත්
පිම්මෙ දුවන අපිට
මොන අත්හැරීම් ද
තව පොදි බඳිනව මිසක්
කිනම් සංතුෂ්ඨියක්ද
කිනම් නිවනක්ද
Posted by
Unknown
Thursday, February 6, 2014
පමාවී පැමිණි දුම්රියේ
පාපුවරුවේ යාන්තමට කකුල තියන්
එල්ලී පැමිණි මේ දුර ගමනේ
ටිකෙන් ටික සෙනඟ බැසගොසින්
යාන්තමින් රිංගාගෙන
අසුනකට වාරු දී සිටී මොහොතේ
හදිසියේ බැසගිය කෙනාගේ
අසුනේ පුරප්පාඩුව පිරවීමට වරම් ලදී
සැප අසුනේ සුවපහසුව මැද
අවට සිරි නරඹමින්
සිහිල් සුළං රැල්ලක පහස විඳිමින්
මටත් නොදැණුවත්වම
සුව නින්දේ පසුවු මා
හදිසියේ ඇහැරුණෙමි
මම ටිකට් ගත්තෙ නැහැනෙ
කමක් නෑ
ඔන්න ඔහේ තව ටිකක් නිදාගන්නව
Posted by
Unknown
Tuesday, November 12, 2013
Posted by
Unknown
Monday, August 26, 2013
සැබෑ ලෝකයේ
ස්ත්‍රී දූෂණ
මිනී මැරුම්
කොල්ලකෑම්
ළමා අපචාර
නේකවිද අපරාද
ඉවසා නොදැක්කාසේ ඉන්න අපි
කාගෙහරි
ප්‍රබන්ධයක, නිර්මාණයක
ඒවා දකිද්දි
නිර්මණකරුවාට එරෙහිව
අවි අමෝරා නැඟී සිටින හැටි
Posted by
Unknown
Friday, July 5, 2013
ගිනියම් පොළොව
අඟල් හතරෙ ගඩොලින් වෙන්වුනු
ටකරන් වහලෙ ගෙවල්
බීගෙන ආපු බේබද්දෙකුගෙ,
බලු කුණුහරුප මැදින්
ගෑණිට තඩිබාන සද්දෙ
අඩ අඳුරෙ
කෙල්ලෙක් තාප්පෙට හේත්තු කරන්
කට කන කොල්ලෙක්
ජංගි කොටයක් ඇඳගත් කැහැටු ළමයෙක්
බඩගින්නෙ මොරදෙයි
බලු බෙටි උඩින් පැන පැන
අඩි දෙකේ පාරෙන් ඇදී එන සුර දෙව්දුව
පාටකළ දෙතොල්
සරාගී දෙණුවන්
පිරුණු ලැම
පැද්දෙන නිතඹ
කාර් රථයක දොර ඇරෙයි..
පැය කිහිපයකින් ඇය යළිත්.
දෙපසට විසි වෙවි
දෙස් දෙවොල් හා කන්නලව්වක්
පිරිමි සනුහරේටම....