Posted by
Unknown
Thursday, January 31, 2013
කුසට නොකා නුඹ අප සැනසු හැටි
අප රැක ගන්නට දුක් වින්ඳ හැටි
ලෙඩට දුකේදී ලඟින් සිටී හැටි
යහ මඟ යන්නට පාර කිවූ හැටි
.....................
ආසයි මට නුඹෙ ඉහ ඉද්දරින් ඇළවෙන්න
නුඹේ කවියකින් සැනසෙන්න
නුඹට කියා මගෙ හිස පිරිමැදගන්න
නුඹේ උණුසුමෙ වැතිර සිටින්න
......................
අපි වෙනුවෙන් නුඹ පැතු ලෝකයට
අපි අද යමින් සිටිනා අතරේ
ඒ සතුට විඳගන්න නුඹ නැති මොහොතක
ඒ අඩුව දැනේ හද පතුලට ම
......................
සිටිනා ලෝකෙක යෙහෙන් වැජබෙන්නයි
මතු සංසාරෙදි නිවන් දකින්නයි
උපදින මතු ඳා නුඹෙ ම පුතු වන්නයි
අත්තම්මා නොව නුඹ මාගෙ අම්මයි....
Posted by
Unknown
Friday, December 28, 2012
අපි මුසෙල්මාණුවන්ගෙ කඩ වර්ජනය කරමු
සිංහල කඩවලට ම යමු
අපේ අය අපිට ගොඩක් අඩුවට බඩු විකුණාවි
මාසේ අන්තිමට හම්බෙන තුට්ටු දෙකෙන්
කරන්න තියෙන වැඩ ගැන මුදලාලියා නොදන්නවයි
එතකොට අපේ සල්ලි අපේම අය ලඟ
ලාබෙන් කොටසක්
මුදලාලියා අපේ ජාතියේ සුභ සිද්ධියට වෙන්කරාවි.
කොටසක් පන්සලටත් පූජා කරාවි
පන්සලෙන් ඒවා දුප්පතුන්ට බෙදා දේවි
එතකොට තම්බිලා දුප්පත් වේවි
උන් පිරිහිලා යාවි
මේ රට අපිට ඉතිරි වේවි
සිංහලයෝ යහතින් වැජබේවි
ඒ කියන්නෙ මම දැන් හෙලයෙක්
Posted by
Unknown
Friday, September 28, 2012
ගහක් කොළක් නැති කතරේ
වේලිච්ච කාලේ ඉවරයි..
මේක පුදුම ගහක්
පට්ට කඳ
හරහට දාලා ඉරාගත්තනම් මරු..
තව තව අදහස්
සැවොම පොරකති..
අඩෝ ඒක දිරච්ච එරඬු ගහක්
එකෙක් මොරදෙයි..
ඒත් අනිත් උන්ට ඒ වගක්වත් නෑ
*
*
මේ කිසිවක් නොඳන්න ගානට
ගහ ඔහේ ඉන්න හැටි..
Posted by
Unknown
Friday, May 25, 2012
වාරුවෙන් නැඟීසිටින
අබලන්වූ දිරාපු ඉණි වැට
වුනාට කම් නැත
මොකටද කඩුල්ලක්
ණයවෙලාහරි දමන්නෝන
මහා පතරංග
යකඩ ගේට්ටුවක්
ලෝකෙට පෙනෙන්න
ලස්සනට
උජාරුවට......
Posted by
Unknown
Wednesday, January 4, 2012
වැරදි කරන උන්ට
තමන් කරන වැරැද්ද
තවෙකෙක් පෙන්වාදුන්විට
උන්,
වැරැද්ද හදාගන්නවා වෙනුවට
විලි ලැජ්ජාවක් නැතිව
ඒ වැරැද්දම
අනිත් උන්ටත් කරන්න යැයි
කියන අපූරුව
Posted by
Unknown
Saturday, November 26, 2011
අතීතයේ දවසක
හිත තුල තෙරපුණ
ඒක පාර්ශ්වික ප්‍රේමයක්
කියාපාන්නට සැරසුණ මොහොතක
ලොවට හොරා සැඟවගිය නුඹ
අහඹු මොහොතක දෑස් යාවී
කල්පයක් බඳු ස්වල්ප මොහොතක
මුවින් නොපැවසූ දහසක් දේවල්
සිතාගන්නට ඉඩ තබා
නාඳුනන කෙනෙකුගේ
දෑතේ පැටලී
යන්නම් කියා ගිය අපූරුව...
Posted by
Unknown
Thursday, September 22, 2011
පැළ සිටුවා හදා වඩා
උදේ සවස වතුර දමා
නිසි කාලෙට පොහොර යොදා
අණ වින දොස් සැම පරදා
කල දවසත් ගෙවී ගිහින්
පුංචි පැළත් ලොකු ගස්වී
මල්බරවී පිරිපුන්වී
ඵලදාවෙන් අතු බරවී
හදා වඩා රැකගත් ඒ
මුල අමතකවූ ගස්වල දැන්
හිමි කාරයෝ සැම වටවී
තම රිසිසේ ඵල බුදිතේ
ගහෙන් හැදුණු තව අංකුර
පෙරදා මෙන් හදා වඩා
අඳ කුඹුරට ආල වඩන
මහමෙර වගෙ මවයි පියයි.....
Posted by
Unknown
Tuesday, September 20, 2011
තරු කැට දිඳුලන
ඇස්දෙක අරගෙන
යන්නම නුඹ පලයන්..
දඩාවතේ ගිය ඇස්දෙක එක්කොට
බැඳලා තියාගෙන
මම ඉන්නම්....
කිසිදා නොමැකෙන හදේ ඇඳුණු නෙතු
මගේ ම කරගෙන
සැමදා සිටින්නම්...
Posted by
Unknown
Wednesday, August 31, 2011
නිරුවත් දෑසින් නොදැක යතාර්ථය
පාට පාට කණ්ණාඩි තුලින්
අපි දකිනා මිත්‍යාව
*
*
*
A: මචං ඒක සුදු පාටයි නේ??
B: නෑ බන් ඒක කලු පාටයි
බොරුනම් මේක දාගෙන බලපන්
A: ඇත්තනේන්නම්
ඒක කලු පාටයිනේ...
A: මචං ඒක කලු පාටයි නේ??
C: නෑ බං ඒක සුදු පාටයි
බොරුනම් මේක දාගෙන බලපන්
A: ඇත්තනේන්නම්
ඒක සුදු පාටයිනේ....
Posted by
Unknown
Thursday, July 21, 2011
උඩ පැන පැන උඹ තලපන්
මං ඔහේ බලා ඉන්නම්
මාව තැලෙද්දි උඹට හරි සතුටු ඇති
ඒත් උඹ දන්නෙ නෑ
උඹ තලන වාරයක් ගානේ මම මුවහත් වෙනව
හීනෙන්වත් හිතන්නෙපා
දවසක මම උඹේ ගෙල සිඳියි කියා,
උඹ ඒ තරම් මෝඩයි
උඹට පෙනේවි ඒ යකඩ මුවහතින්
මම මගේ ජීවිතය නමැති කැටයම කපන හැටි
අද වගේ ම හෙටත් තලපන්
ඇතිවෙනකම් සතුටු වෙයන්
මහන්සි නම් විවේකයක් ගනින්
මට බොරු අනුකම්පා එපා
*
*
*
නොසැලෙන මම
~~