Posted by
Unknown
Saturday, April 22, 2017
ඉඩ කඩම් යාන වාහන
තව තවත් සැප පහසුකම්
හඹායන අපේ ජීවිත
දෙමව්පියන් දූ දරුවන්
අඹු සැමියන්
තවත් දේවල් අතහැරෙනවද ඉතින්
හතිවැටුණ දවසක හැරී බැලුවම
ලැබු දේට වඩා
කොතෙක් නම් තව වටින දේවල්
අහිමිවී ඇතිබව
දැනෙයි නිසැකව
ලෙඩ ගොන්නක් කරපින්නා
හිතේ සැනසුම අහිමි කරගෙන
රැස්කරගත් සැප සම්පත්
දමා යන්නට වෙනව සැමට ම
දිවීම මදකට නතරකොට අපි
මදක් නැවතී ඉසිඹුවක් ගෙන
හැරී බලමුද
අතහැරුණෙ මොනවදෝ කියා
යන්නෙ කොතැනටදෝ කියා
Posted by
Unknown
Monday, January 23, 2017
ජාති කුල වර්ණ
නන් විද බෙදුමින්
බලවතුන්ගේ දෙපා ලඟ
තැලී පොඩිවූ
සුවහසක් මිනිසුන් හෙලූ
සෝ සුසුම් ලේ දාබිඳු වලට
අයදිමි සමා
මනුසත්කම වෙනුවෙන්
මිනිසුන්ට මිනිස්කමින් සලකන
හෙට දවසක් වෙනුවෙන්
මොහොතක් නැවතී
දුරස්බව අත්හැර
ඇහුම්කන්දෙමු
අනිකාගෙ හද ගැහෙන රාවයට
Posted by
Unknown
Tuesday, September 13, 2016
කසනවිට
සනීපයි
මොහොතකට
තුවාලය
දැවිල්ලයි
පසුවට
වාගෙයි
මතකය
නුඹෙ
Posted by
Unknown
Thursday, April 7, 2016
ගලන ගඟකි නුඹ
වලකාලනු බෑ
මගේ දෑතින්
සැඬ පහරක්වී
ගසාගෙනගොස්
එකතුවී ඇත
මහ මුහුදට
උදුරාගෙන මා සතුවූ
අවසන් හුස්ම පොද ද
වගේ වගක් නැත
මහ මුහුදට
තවත් මුහුවීමක් පමණි
Posted by
Unknown
Wednesday, February 3, 2016
පින්තාරු මුහුණේ නේකවිද වත්සුනු
දියවී යන්නට ඉඩ නොදී
මංගල පෝරුවේ
මනෝ පාරක් ගහන් ඉන්නට
උපදෙස් දුන්නා සංවිධායක
මනමාලිට
රෙදි කච්චියක් දීලා
බීපු කිරි වලට
දෙකට නැමිලා යන්නම් අම්මෙ කියන්නට
කඳුලු නොසලා
හැඩට ඉන්නට
පිංතූරෙට
ලස්සනට
Posted by
Unknown
Tuesday, September 29, 2015
දවසක්දා මම යනකොට
තඩි මල්ලත් උස්සාගෙන
ඉස්කෝලෙට කෝච්චියෙන්
මහ මෙරක බරක් හිතේ දරන්
ඇය යනවා
අම්මා හට වාරු තියන්
අසීරුවෙන්
දරු පැටියෙක් කුසේ දරන්
සායනයට
අසරණ මුහුනින් යුක්තව
නෙතු සඟලම
බිමට හොවා
ලැජ්ජාවෙන්
එක බංකුවෙ එකට ඉඳන්
අකුරු කෙරුව පුංචි දැරිය
Posted by
Unknown
Tuesday, September 22, 2015
ඇයගේ අතීතයේ ඔහු ද
ඔහුගෙ අතීතයේ ඇය ද
නැත
එනමුදු තව බොහේ අය සිට ඇත
එහෙයින්
ඔවුන්ට අනාගතයක් නැති ද?
Posted by
Unknown
Thursday, June 25, 2015
පරිවාර වාහන හත අටක් වටකර
පොළිස් සයිරන් නළා හඬවමින්
යයි හැටට හැටේ
ප්‍රභූ මැතිදුන්
හිස නමා ආචාර කරයි රාළහාමි
සසරෙ පිං කර නොමැති එලෙසින්
පොදු මහජනයා
යති තනි කකුළෙන් එල්ලී පාපුවරුවේ
දහදිය පෙරාගෙන
පැය ගනන් හිර වෙවී තද බදේ
නැවතුවා බස් රථය
අපේ රාළහාමි
බහිනව තමුසෙලා
තුන් දෙනාව ම
දාහ ගානේ හැම දෙනාට ම
ලියුවා දඩ කොළේ...
Posted by
Unknown
Wednesday, June 17, 2015
සොයයි නම්බූ නාම
බලයි කුළ මළ
යාන වාහන
වතුපිටි යහමින්
තිබේදැයි
සහකරුවාට
අතැඟිලි බඳිනට
තම දියණියට
ලන්සු තබති ගණුදෙනුකරුවන් වටවී
ලොවට හොරා රහසේ ඉකිබිඳියි ඇය
අතීතයේ දිනයක තම වටිනා දෑ සියල්ල
පුද දී අවසන් වූ කල
හොර රහසෙ සැඟවගිය
සත්‍යප්‍රේම භෘංගරාජයා
කළ හදිය සිහිවී...
Posted by
Unknown
Monday, May 25, 2015
ලොවට හොරෙන්
කරන කෙරුම්
රඟන රැඟුම්
මේ ලොව දනී තවෙකෙක්
දිනක් පැමිණෙයි
විත්ති කූඩුවට නඟිනා
මායාවේ දුහුල් සළුව ලිහී
සියළු චෝදනාවලට වැරදිකරුවන
සිතන වාරයක් පාසා
බරපතල වැඩ සහිත
දඩුවම් විඳිනා
හෘද සාක්ෂියේ අධිකරණයේ
Posted by
Unknown
Wednesday, May 13, 2015
අත්හැරීම
සංකල්පයක් ම වී
බණමඩුවල කථා ඇතුලෙ
පුස්කාපු තැටිවල
පරණ වෑර්ලස් හඩින්
කොතෙක් ඇහුනත්
පිම්මෙ දුවන අපිට
මොන අත්හැරීම් ද
තව පොදි බඳිනව මිසක්
කිනම් සංතුෂ්ඨියක්ද
කිනම් නිවනක්ද
Posted by
Unknown
Thursday, February 6, 2014
පමාවී පැමිණි දුම්රියේ
පාපුවරුවේ යාන්තමට කකුල තියන්
එල්ලී පැමිණි මේ දුර ගමනේ
ටිකෙන් ටික සෙනඟ බැසගොසින්
යාන්තමින් රිංගාගෙන
අසුනකට වාරු දී සිටී මොහොතේ
හදිසියේ බැසගිය කෙනාගේ
අසුනේ පුරප්පාඩුව පිරවීමට වරම් ලදී
සැප අසුනේ සුවපහසුව මැද
අවට සිරි නරඹමින්
සිහිල් සුළං රැල්ලක පහස විඳිමින්
මටත් නොදැණුවත්වම
සුව නින්දේ පසුවු මා
හදිසියේ ඇහැරුණෙමි
මම ටිකට් ගත්තෙ නැහැනෙ
කමක් නෑ
ඔන්න ඔහේ තව ටිකක් නිදාගන්නව
Posted by
Unknown
Tuesday, November 12, 2013
Posted by
Unknown
Monday, August 26, 2013
සැබෑ ලෝකයේ
ස්ත්‍රී දූෂණ
මිනී මැරුම්
කොල්ලකෑම්
ළමා අපචාර
නේකවිද අපරාද
ඉවසා නොදැක්කාසේ ඉන්න අපි
කාගෙහරි
ප්‍රබන්ධයක, නිර්මාණයක
ඒවා දකිද්දි
නිර්මණකරුවාට එරෙහිව
අවි අමෝරා නැඟී සිටින හැටි
Posted by
Unknown
Friday, July 5, 2013
ගිනියම් පොළොව
අඟල් හතරෙ ගඩොලින් වෙන්වුනු
ටකරන් වහලෙ ගෙවල්
බීගෙන ආපු බේබද්දෙකුගෙ,
බලු කුණුහරුප මැදින්
ගෑණිට තඩිබාන සද්දෙ
අඩ අඳුරෙ
කෙල්ලෙක් තාප්පෙට හේත්තු කරන්
කට කන කොල්ලෙක්
ජංගි කොටයක් ඇඳගත් කැහැටු ළමයෙක්
බඩගින්නෙ මොරදෙයි
බලු බෙටි උඩින් පැන පැන
අඩි දෙකේ පාරෙන් ඇදී එන සුර දෙව්දුව
පාටකළ දෙතොල්
සරාගී දෙණුවන්
පිරුණු ලැම
පැද්දෙන නිතඹ
කාර් රථයක දොර ඇරෙයි..
පැය කිහිපයකින් ඇය යළිත්.
දෙපසට විසි වෙවි
දෙස් දෙවොල් හා කන්නලව්වක්
පිරිමි සනුහරේටම....
Posted by
Unknown
Thursday, January 31, 2013
කුසට නොකා නුඹ අප සැනසු හැටි
අප රැක ගන්නට දුක් වින්ඳ හැටි
ලෙඩට දුකේදී ලඟින් සිටී හැටි
යහ මඟ යන්නට පාර කිවූ හැටි
.....................
ආසයි මට නුඹෙ ඉහ ඉද්දරින් ඇළවෙන්න
නුඹේ කවියකින් සැනසෙන්න
නුඹට කියා මගෙ හිස පිරිමැදගන්න
නුඹේ උණුසුමෙ වැතිර සිටින්න
......................
අපි වෙනුවෙන් නුඹ පැතු ලෝකයට
අපි අද යමින් සිටිනා අතරේ
ඒ සතුට විඳගන්න නුඹ නැති මොහොතක
ඒ අඩුව දැනේ හද පතුලට ම
......................
සිටිනා ලෝකෙක යෙහෙන් වැජබෙන්නයි
මතු සංසාරෙදි නිවන් දකින්නයි
උපදින මතු ඳා නුඹෙ ම පුතු වන්නයි
අත්තම්මා නොව නුඹ මාගෙ අම්මයි....
Posted by
Unknown
Friday, December 28, 2012
අපි මුසෙල්මාණුවන්ගෙ කඩ වර්ජනය කරමු
සිංහල කඩවලට ම යමු
අපේ අය අපිට ගොඩක් අඩුවට බඩු විකුණාවි
මාසේ අන්තිමට හම්බෙන තුට්ටු දෙකෙන්
කරන්න තියෙන වැඩ ගැන මුදලාලියා නොදන්නවයි
එතකොට අපේ සල්ලි අපේම අය ලඟ
ලාබෙන් කොටසක්
මුදලාලියා අපේ ජාතියේ සුභ සිද්ධියට වෙන්කරාවි.
කොටසක් පන්සලටත් පූජා කරාවි
පන්සලෙන් ඒවා දුප්පතුන්ට බෙදා දේවි
එතකොට තම්බිලා දුප්පත් වේවි
උන් පිරිහිලා යාවි
මේ රට අපිට ඉතිරි වේවි
සිංහලයෝ යහතින් වැජබේවි
ඒ කියන්නෙ මම දැන් හෙලයෙක්
Posted by
Unknown
Friday, September 28, 2012
ගහක් කොළක් නැති කතරේ
වේලිච්ච කාලේ ඉවරයි..
මේක පුදුම ගහක්
පට්ට කඳ
හරහට දාලා ඉරාගත්තනම් මරු..
තව තව අදහස්
සැවොම පොරකති..
අඩෝ ඒක දිරච්ච එරඬු ගහක්
එකෙක් මොරදෙයි..
ඒත් අනිත් උන්ට ඒ වගක්වත් නෑ
*
*
මේ කිසිවක් නොඳන්න ගානට
ගහ ඔහේ ඉන්න හැටි..
Posted by
Unknown
Friday, May 25, 2012
වාරුවෙන් නැඟීසිටින
අබලන්වූ දිරාපු ඉණි වැට
වුනාට කම් නැත
මොකටද කඩුල්ලක්
ණයවෙලාහරි දමන්නෝන
මහා පතරංග
යකඩ ගේට්ටුවක්
ලෝකෙට පෙනෙන්න
ලස්සනට
උජාරුවට......
Posted by
Unknown
Wednesday, January 4, 2012
වැරදි කරන උන්ට
තමන් කරන වැරැද්ද
තවෙකෙක් පෙන්වාදුන්විට
උන්,
වැරැද්ද හදාගන්නවා වෙනුවට
විලි ලැජ්ජාවක් නැතිව
ඒ වැරැද්දම
අනිත් උන්ටත් කරන්න යැයි
කියන අපූරුව