Posted by
Unknown
Saturday, April 22, 2017
ඉඩ කඩම් යාන වාහන
තව තවත් සැප පහසුකම්
හඹායන අපේ ජීවිත
දෙමව්පියන් දූ දරුවන්
අඹු සැමියන්
තවත් දේවල් අතහැරෙනවද ඉතින්
හතිවැටුණ දවසක හැරී බැලුවම
ලැබු දේට වඩා
කොතෙක් නම් තව වටින දේවල්
අහිමිවී ඇතිබව
දැනෙයි නිසැකව
ලෙඩ ගොන්නක් කරපින්නා
හිතේ සැනසුම අහිමි කරගෙන
රැස්කරගත් සැප සම්පත්
දමා යන්නට වෙනව සැමට ම
දිවීම මදකට නතරකොට අපි
මදක් නැවතී ඉසිඹුවක් ගෙන
හැරී බලමුද
අතහැරුණෙ මොනවදෝ කියා
යන්නෙ කොතැනටදෝ කියා
Posted by
Unknown
Monday, January 23, 2017
ජාති කුල වර්ණ
නන් විද බෙදුමින්
බලවතුන්ගේ දෙපා ලඟ
තැලී පොඩිවූ
සුවහසක් මිනිසුන් හෙලූ
සෝ සුසුම් ලේ දාබිඳු වලට
අයදිමි සමා
මනුසත්කම වෙනුවෙන්
මිනිසුන්ට මිනිස්කමින් සලකන
හෙට දවසක් වෙනුවෙන්
මොහොතක් නැවතී
දුරස්බව අත්හැර
ඇහුම්කන්දෙමු
අනිකාගෙ හද ගැහෙන රාවයට