කුහක භියසුල්ලෝ
සැබෑ ලෝකයේ
ස්ත්රී දූෂණ
මිනී මැරුම්
කොල්ලකෑම්
ළමා අපචාර
නේකවිද අපරාද
ඉවසා නොදැක්කාසේ ඉන්න අපි
කාගෙහරි
ප්රබන්ධයක, නිර්මාණයක
ඒවා දකිද්දි
නිර්මණකරුවාට එරෙහිව
අවි අමෝරා නැඟී සිටින හැටි
Labels: මගේ කවි
සරාගී
ගිනියම් පොළොව අඟල් හතරෙ ගඩොලින් වෙන්වුනු ටකරන් වහලෙ ගෙවල් බීගෙන ආපු බේබද්දෙකුගෙ, බලු කුණුහරුප මැදින් ගෑණිට තඩිබාන සද්දෙ අඩ අඳුරෙ කෙල්ලෙක් තාප්පෙට හේත්තු කරන් කට කන කොල්ලෙක් ජංගි කොටයක් ඇඳගත් කැහැටු ළමයෙක් බඩගින්නෙ මොරදෙයි බලු බෙටි උඩින් පැන පැන අඩි දෙකේ පාරෙන් ඇදී එන සුර දෙව්දුව පාටකළ දෙතොල් සරාගී දෙණුවන් පිරුණු ලැම පැද්දෙන නිතඹ කාර් රථයක දොර ඇරෙයි.. පැය කිහිපයකින් ඇය යළිත්. දෙපසට විසි වෙවි දෙස් දෙවොල් හා කන්නලව්වක් පිරිමි සනුහරේටම....
Labels: මගේ කවි
අත්තම්මා
කුසට නොකා නුඹ අප සැනසු හැටි
අප රැක ගන්නට දුක් වින්ඳ හැටි
ලෙඩට දුකේදී ලඟින් සිටී හැටි
යහ මඟ යන්නට පාර කිවූ හැටි
.....................
ආසයි මට නුඹෙ ඉහ ඉද්දරින් ඇළවෙන්න
නුඹේ කවියකින් සැනසෙන්න
නුඹට කියා මගෙ හිස පිරිමැදගන්න
නුඹේ උණුසුමෙ වැතිර සිටින්න
......................
අපි වෙනුවෙන් නුඹ පැතු ලෝකයට
අපි අද යමින් සිටිනා අතරේ
ඒ සතුට විඳගන්න නුඹ නැති මොහොතක
ඒ අඩුව දැනේ හද පතුලට ම
......................
සිටිනා ලෝකෙක යෙහෙන් වැජබෙන්නයි
මතු සංසාරෙදි නිවන් දකින්නයි
උපදින මතු ඳා නුඹෙ ම පුතු වන්නයි
අත්තම්මා නොව නුඹ මාගෙ අම්මයි....
Labels: මගේ කවි



