Posted by
Unknown
Monday, January 3, 2011
මේ කමීස වැඩිකල් අදින්න බෑ
ඉක්මනට කිළිටිවෙන හැටි...
ඒ මදිවට කහට පැල්ළම් යවන්න ගිහින්,
දිරාපත් වෙලා
දැන් ඒකෙ පාටත් ගිහින්...
එකම කමීසෙ හැමදාම අඳින්න තිඹුණා නම්
ඔය සමහරු මැරෙණකම්ම එකක් අඳිනව කියන්
මටත් තව ඒවා එපා...
අනික ඔය ලාබෙට දෙන ඒවා
වැඩිකල් අඳින්න බෑ
ඒක මම අත්දැකීමෙන් ම දන්නව...
ඒත් මට මේක නම් තව වැඩි කළක්
අඳින්න බැරිවේවි..
අනික මට මේ කමීසෙ හරි යන්නෙත් නෑ..
එහෙමෙයි කියලා මෙතුවක් ඇඳපු මේක
කොහොම ගලවන්නද
මේක මට දැන් හොඳට ම ඇතිවෙලා තියෙන්
එක්කො මම කමීසයක් නැතුව ඉන්නවා..
ඒත්....????