Posted by
Unknown
Wednesday, February 3, 2016
පින්තාරු මුහුණේ නේකවිද වත්සුනු
දියවී යන්නට ඉඩ නොදී
මංගල පෝරුවේ
මනෝ පාරක් ගහන් ඉන්නට
උපදෙස් දුන්නා සංවිධායක
මනමාලිට
රෙදි කච්චියක් දීලා
බීපු කිරි වලට
දෙකට නැමිලා යන්නම් අම්මෙ කියන්නට
කඳුලු නොසලා
හැඩට ඉන්නට
පිංතූරෙට
ලස්සනට
2 comments:
අපූරුයිනේ
ඇත්තටම ඒකනේ වෙන්නේ. ලස්ස්සනට අදහස අල්ල ගෙන තිබෙනවා.
Post a Comment
ඔබගේ සිතට දැණුන අදහස්, ප්රතිචාර මෙහි ලියා යන්න.. ප්රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..