හෘදසාක්ෂිය



  ලොවට හොරෙන්
  කරන කෙරුම්
  රඟන රැඟුම් 
  මේ ලොව දනී තවෙකෙක්

  දිනක් පැමිණෙයි
  විත්ති කූඩුවට නඟිනා
  මායාවේ දුහුල් සළුව ලිහී
  සියළු චෝදනාවලට වැරදිකරුවන
  සිතන වාරයක් පාසා
  බරපතල වැඩ සහිත
  දඩුවම් විඳිනා
  හෘද සාක්ෂියේ අධිකරණයේ

1 comments:

තිස්ස දොඩන්ගොඩ May 31, 2015 at 9:26 AM  

ගුරුළු වෙස් දරා ඉදිබු ගමනේ යන්නා
ලොවට බණ දෙසා හොරෙන් සිල් බිඳගන්නා
මලෙක රොන් වනා එතැන රොණට වඩින්නා
කියන් කවුරු මෙවන් මිනිස් වෙසින් සිටින්නා..

ඔය කියන අධිකරණය මහ දරුණු දඬුවම් දෙන්නේ...
ජයවේවා!!

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.