යන්නට වරම් ලැබෙයිද


    පමාවී පැමිණි දුම්රියේ
    පාපුවරුවේ යාන්තමට කකුල තියන්
    එල්ලී පැමිණි මේ දුර ගමනේ
    ටිකෙන් ටික සෙනඟ බැසගොසින්

    යාන්තමින් රිංගාගෙන
    අසුනකට වාරු දී සිටී මොහොතේ 
    හදිසියේ බැසගිය කෙනාගේ
    අසුනේ පුරප්පාඩුව පිරවීමට වරම් ලදී

    සැප අසුනේ සුවපහසුව මැද
    අවට සිරි නරඹමින්
    සිහිල් සුළං රැල්ලක පහස විඳිමින්
    මටත් නොදැණුවත්වම
    සුව නින්දේ පසුවු මා
    හදිසියේ ඇහැරුණෙමි
    මම ටිකට් ගත්තෙ නැහැනෙ

    කමක් නෑ
    ඔන්න ඔහේ තව ටිකක් නිදාගන්නව

4 comments:

Vikum February 7, 2014 at 10:34 PM  

සීසන්, පාස් තියන අයට මොන ටිකට් ද මචෝ

විරාමය March 5, 2014 at 12:53 PM  

:-) මමත් ඔහොමයි.

' කමක් නෑ
ඔන්න ඔහේ තව ටිකක් නිදාගන්නව'

තිස්ස දොඩන්ගොඩ May 13, 2015 at 3:43 PM  

හොඳට ලියැවුණි බ්ලොග්ස්
ආයෙත් ලියන්න කරුණාකරලා

Unknown May 14, 2015 at 10:13 PM  

ස්තූතියි...

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.