සරාගී


  ගිනියම් පොළොව 
  අඟල් හතරෙ ගඩොලින් වෙන්වුනු
  ටකරන් වහලෙ ගෙවල්
  බීගෙන ආපු බේබද්දෙකුගෙ,
  බලු කුණුහරුප මැදින්
  ගෑණිට තඩිබාන සද්දෙ

  අඩ අඳුරෙ
  කෙල්ලෙක් තාප්පෙට හේත්තු කරන්
  කට කන කොල්ලෙක්

  ජංගි කොටයක් ඇඳගත් කැහැටු ළමයෙක්
  බඩගින්නෙ මොරදෙයි

  බලු බෙටි උඩින් පැන පැන 
  අඩි දෙකේ පාරෙන් ඇදී එන සුර දෙව්දුව
  පාටකළ දෙතොල්
  සරාගී දෙණුවන්
  පිරුණු ලැම
  පැද්දෙන නිතඹ

  කාර් රථයක දොර ඇරෙයි..

  පැය කිහිපයකින් ඇය යළිත්.
  දෙපසට විසි වෙවි
  දෙස් දෙවොල් හා කන්නලව්වක්
  පිරිමි සනුහරේටම....

3 comments:

ලොක්කයියා July 6, 2013 at 7:28 AM  

එල... මේව රටේ ලෝකෙ වෙන දේවල්...

The තරුවා July 6, 2013 at 12:44 PM  

හ්ම්ම්....

සිත්තම August 10, 2013 at 11:18 PM  

පට්ට කතාව.

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.