අත්තම්මා



         කුසට නොකා නුඹ අප සැනසු හැටි
         අප රැක ගන්නට දුක් වින්ඳ හැටි
         ලෙඩට දුකේදී ලඟින් සිටී හැටි
         යහ මඟ යන්නට පාර කිවූ හැටි
         .....................

         ආසයි මට නුඹෙ ඉහ ඉද්දරින් ඇළවෙන්න
         නුඹේ කවියකින් සැනසෙන්න
         නුඹට කියා මගෙ හිස පිරිමැදගන්න
         නුඹේ උණුසුමෙ වැතිර සිටින්න
         ......................

         අපි වෙනුවෙන් නුඹ පැතු ලෝකයට
         අපි අද යමින් සිටිනා අතරේ
         ඒ සතුට විඳගන්න නුඹ නැති මොහොතක
         ඒ අඩුව දැනේ හද පතුලට ම
         ......................

         සිටිනා ලෝකෙක යෙහෙන් වැජබෙන්නයි
         මතු සංසාරෙදි නිවන් දකින්නයි
         උපදින මතු ඳා නුඹෙ ම පුතු වන්නයි
         අත්තම්මා නොව නුඹ මාගෙ අම්මයි....

3 comments:

Chams August 15, 2013 at 11:02 AM  

සෑහෙන්න හිතට දැනුනා...මේ මටත් දැනෙන හැඟීමක් නිසා

//අපි වෙනුවෙන් නුඹ පැතු ලෝකයට
අපි අද යමින් සිටිනා අතරේ
ඒ සතුට විඳගන්න නුඹ නැති මොහොතක
ඒ අඩුව දැනේ හද පතුලටම//

ක්‍රිශාන් September 1, 2013 at 9:59 PM  

මේක නම් නියමයි..

Unknown September 3, 2013 at 9:13 PM  

එල එල ..බැරිද මටත් කෙනෙක් හොයාගන්න...අපිටත් කමෙන්ට් කරන්න හොදේ...

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.