අඳ ගොවියෝ



පැළ සිටුවා හදා වඩා
උදේ සවස වතුර දමා
නිසි කාලෙට පොහොර යොදා
අණ වින දොස් සැම පරදා

කල දවසත් ගෙවී ගිහින්
පුංචි පැළත් ලොකු ගස්වී
මල්බරවී පිරිපුන්වී
ඵලදාවෙන් අතු බරවී

හදා වඩා රැකගත් ඒ
මුල අමතකවූ ගස්වල දැන්
හිමි කාරයෝ සැම වටවී
තම රිසිසේ ඵල බුදිතේ

ගහෙන් හැදුණු තව අංකුර
පෙරදා මෙන් හදා වඩා
අඳ කුඹුරට ආල වඩන
මහමෙර වගෙ මවයි පියයි.....

7 comments:

Anonymous September 24, 2011 at 7:08 PM  

+1

Anonymous September 25, 2011 at 9:25 AM  

+1

දන්තක October 6, 2011 at 1:43 PM  

දෙමාපියන් දරුවොන්ගෙන් දෙයක් බලා පොරොත්තු වෙන් නෑ,ඔවුන් හමදාම දරුවො සතුටුවෙන දිහ බලලා ලොකු සතුටක් විදිනවා,දරුවොන්ගෙ යුතුකම තමා එ වගෙ තමන්ට ආදරය කරන දෙමන්පියන්ව ඇස් දෙක වගෙ බලගන්න එක..........

හිතට වදින පද පෙලක් මචං

වැප් October 10, 2011 at 10:08 AM  

අපූරුයි

බිඟූ October 16, 2011 at 11:15 PM  

අඩෝ සම්පා, මේ කියන්නේ උබේ වටේට ඉන්න කෙල්ලෝ සෙට් එක ගැන නේද...
හිමි කාරයෝ සැම වටවී
බලපන්.. මට එහෙම සීන් එකක් පේනවනේ.. කියපන් ඇත්ත...

Unknown October 17, 2011 at 3:20 PM  

අදහස් දක්වපු හැමෝටම ස්තූතියි...
@බිගුවා
අපෝ නෑ බං..මට එච්චර කෙල්ලො නෑ...
ඇත්තටම මම කියන්න හැදුවෙ පොදුවෙ දකින්න ලැබෙන දේ...
මම ගැන නෙවි...
අපේ අම්මලා තාත්තලා දුක් විදලා,මහන්සිවෙලා කොහොමහරි දරුවන්ට උගන්වල උන් උස් මහත් කරලා අන්තිමට උන් ලොකු ලොකු තැන්වලට ආවම උන්ටත් තමන්ගෙ දෙමව්පියො අමතකවෙනව..උන් තමන්ගෙ ලෝකවලට යනව..තමන්ගෙ වටේ ඉන්න උන් එක්ක සැප සම්පත් විඳිනව..ඒත් දෙමව්පියො හැමදාම දුක්විඳිනව..ඒ මොනා උනත් අන්තිමට ළමයිගෙ ළමයිනුත් හදාවඩාගන්නෙ ඒ මිනිස්සුමයි..
ජයවේවා!!!

ගින්නා December 4, 2011 at 12:51 PM  

එල එල ,, හිතට දැනෙන්න ලියල තියනවා

ඉඩක් ලැබුන වෙලාවක අලුතින් පටන් ගත්ත මගේ මකර ගුහාව පැත්තෙත් ඇවිල්ල, අඩුපාඩු ඇතොත් පෙන්නලා දීල යන්න කියල මම ආදරයෙන් ආරාධනා කරනවා

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.