ඇතිවෙන්න තලපන්



  
උඩ පැන පැන උඹ තලපන්
මං ඔහේ බලා ඉන්නම්
මාව තැලෙද්දි උඹට හරි සතුටු ඇති
ඒත් උඹ දන්නෙ නෑ
උඹ තලන වාරයක් ගානේ මම මුවහත් වෙනව

හීනෙන්වත් හිතන්නෙපා
දවසක මම උඹේ ගෙල සිඳියි කියා,
උඹ ඒ තරම් මෝඩයි
උඹට පෙනේවි ඒ යකඩ මුවහතින්
මම මගේ ජීවිතය නමැති කැටයම කපන හැටි

අද වගේ ම හෙටත් තලපන්
ඇතිවෙනකම් සතුටු වෙයන්
මහන්සි නම් විවේකයක් ගනින්
මට බොරු අනුකම්පා එපා
*
*
*
නොසැලෙන මම
~~

8 comments:

නදුන් උයන July 22, 2011 at 12:17 AM  

අමුතුම ගතියක් තියෙන්නෙ.... මරු... තව හොඳට තලපන්....

දන්තක July 22, 2011 at 8:57 AM  

තව තවත් පන්නරය ලබමින් ඉදිරියටම පලයන්...
උඹේ අනාගත ජීවිතයට ඒවා තලන තැලුම් අශිර්වදයක්ම වේවි!!!!!!!

Anonymous July 22, 2011 at 9:58 AM  

නියමයි මේකම මටත් කෙනෙක්ට කියන්න තියෙනවා.කාලෙන් කාලෙට මගේ ජීවිතේට ආදරෙ කියන වීෂ බීජෙ අරන් ඇවිල්ල ටික කාලෙකට මට ඒ ආදරෙ දාල යන කෙනෙක් එයත්.ඒත් ජීවිතේ කවදාවත් මම එයාට වෛර කලේ නෑ.ආදරේ කියන විෂබීජේ මගේ ඔළුවෙ ආයෙ ආයෙත් පිරුනට පස්සෙ එයා යන්න යනවා.ආයෙත් එනවා.දෙවතාවක් තුන් වතාවක් නෙමෙයි ඊටත් වඩා වාර ගානක් මම එයා එහෙම කරද්දිත් මට ලංවෙන හැම වතාවෙම වෙනදටත් වඩා ආදරෙන් එයාට ලං වුනා.මට පුළුවන් හැමදේම එයා වෙනුවෙන් කලා.ජීවිතේ කවදාවත් මගේ රත්තරං අම්මට බොරු නොකිව්ව මම අම්මට බොරු කිව්ව,එයාගෙ හිත රිද්දුව.යාළුවොන්ගෙන් ගොඩක් ඈත් වුනා.අන්තිමට බලනකොට මගේ ආදරෙත් මගේ ලග නෑ මම තනිවෙලා පුදුම විදියට.දැන් මට තේරෙනවා.එහෙම කලා කියලා එයාට රිදෙන්නෙ නෑ මටමයි රිදෙන්නෙ.ඉතිං මම තවත් එයාට ලං වෙන්න උත්සහ කරන්නෙ නෑ.ජීවිතේ යමක් ලැබෙන්න තියෙනවනම් එක හිතෙන් එයාටම විතරක් ආදරේ කරන මට එයාව සදහටම මට ලැබෙයි.ඒ නිසා මම ඉවසනව එයාටත් වඩා ආදරෙන් තව කෙනෙක් මගේ ජීවිතේට ලං වෙන්න හැදුවත් හැගීම් දැනීම් නැතුව වගේ ඉන්නවා.වෙලාවකට මේ ජීවිතේ අපායක්.මම පණ වගේ ආදරේ කරන,කාලයක් එයාගෙ ජීවිතේම මාව වුන දැන් මට බොරුවට ආදරේ පෙන්නන කෙනෙක්ට මම තාම ආදරේ කරනව.ඒ වගේම එයාගෙ බොරුව කරන්න තවත් ඉඩක් නොදී එයාට ලං නොවී ගොඩක් ඈත ඉදන් මම එයාට තාමත් හිතින් ආදරේ කරනවා.මේ හයිය කොහෙන් මට ආවද මම දන්නෙ නෑ ඒත් ඒ එයා මාව ඇති වෙනකන් රිදෙව්ව නිසා වෙන්න ඇති.අද මම හැම වේදනාවක්ම විදගෙන ඔළුව උස්සන් ඉන්නව.වෙනදා නිතරම කදුළු පිරිල තිබුණු මේ ඇස් දෙකේ,කදුළු කියල දෙයක් ඇස් මානෙකවත් නෑ.ඒ තරම් මගේ හිත දරදඩු වෙලා.මම මෙහෙම වෙන්න හේතුව තැලුන මගේ හිත එයා උඩ පැන පැන තලපු නිසා වෙන්න ඇති.දැන් මට හයිය තියෙනවා මම ජීවිතේ කොහොම හරි දිනනවා.එදාට ඔයාට තේරේවි ඔයාගෙ මේ මෝඩ කෙල්ල ඔයා හිතුවට වඩා ශක්තිමත් කියලා..

ගොඩක් ස්තුතියි අය්යේ මේ පද පේළි ටිකට.කාලයක් හිතේ හිර කරන් ඉදපු ගොඩක් දේවල් මෙතන ලියවුනා ඔයාගෙ නිසදැස දැක්කම.ඇත්තටම ලස්සනයි ගොඩක්.ඔබට ජය..!

බට්ටි July 22, 2011 at 1:29 PM  

තැලෙන්න තැලෙන්න මුවහත් වෙන එක තැලෙන කෙනා විතරයි දන්නේ තලන කෙනාට ඒක තේරැම් කරල දෙන්න බෑ මොකද එයා කම්හලේ බල්ලා වගේ.

Anonymous July 22, 2011 at 10:40 PM  

ade marama kaviyak niyamai..patta..gindara

Unknown July 24, 2011 at 9:41 AM  

අදහස් දක්වපු හැමෝටම ස්තූතියි...!!

@Anonymous
හ්ම්..ඕනම දෙයකට ඕනවට වඩා ඇලෙන්න නරකයි...විශේෂයෙන් හැගීම් වලට.ඒකෙන් වෙන්නෙ අපේ ජීවිත අවුල්වෙන එක.
ජයවේවා!!!

සෝරෝ July 25, 2011 at 2:33 PM  

සිරා..!!

වින්දන August 18, 2011 at 5:24 PM  

පට්ටයි මචං...

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.