බොරළු පාර



දිනකට නොයෙක්වර
ඔබමොබ ගමන්කළ
ඒ බොරළු පාර අද
කොන්ක්‍රීට් තට්ටුවක්
දරා සිටින අන්දම...

නිරුවත් දෙපා යුග
විඳි කටුක වේදනා
සීරීම් ලප කැලැල්
ඇත තවම නොමැකිලා....

අතීතයේ බොරළු මතින්
නැඟී ආ දෙපා යුග
රෝද සතරක නැඟී
ඉගිලයන අපූරුව...

4 comments:

Anonymous March 6, 2011 at 11:49 AM  

ගල්,බොරලු වලට තැලිලා පොඩිවෙලා ලබපු පන්නරෙ තමයි කවදක හරි රෝද හතරක නැගලා ඒ පාරෙම යන්න අවස්ථාව ලබාදෙන්නෙ මචන්.නියමයි අදහස

ayesha March 21, 2011 at 9:32 PM  

හ්ම්. අපූරුයි අදහස යාළු.

තාරා April 3, 2011 at 7:51 PM  

ලස්සන අදහසක්...

වින්දන April 13, 2011 at 9:36 PM  

ගල්,බොරලු වලට තැලිලා විඳි කටුක වේදනාව නිසයි රෝද සතරක නැඟී ඉගිලෙන විට එහි අපූරුව දැනෙන්නෙ.

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.