කිරි කලේට ගොම ටිකක් වැටිලා



නැවුම් බවෙන් පිරිපුන්වී
රස පානය සැපයුම්කළ
පුරුදු පරිදි අද උදයෙත්
එකතු කළා කිරි කලයක්...

ඇති නොකියා තව ඉල්ලූ
කිරි ටිකටත් උන හදියක්
එපා කියා යන්නට යයි
වැටුන නිසා ගොම බිඳුවක්...

කුස ගිනි ඇති තවත් එකෙක්
ආවෝතින් කිරි ගන්නට
රසකර කර බොන්නෙ නැතැයි
දන්නේ නැතිව වැටුණ බවක්
කිරි කලයට ගොම බිඳුවක්....

4 comments:

``` Outsider``` February 4, 2011 at 11:32 AM  

අලුතෙන් එන එකා හිතයි මේක තමයි කිරි වල රසය කියල.

අපූරුයි අදහස...

ayesha February 4, 2011 at 3:06 PM  

අපූරුයි අදහස යාළු

තාරා February 4, 2011 at 10:49 PM  

ඇත්තටම ලස්සනයි...

Anonymous February 17, 2011 at 1:27 PM  

nz idea mchn..
ගොම වැටුන බව දන්න නිසා නොබී හිටියට කවුද දන්නෙ අපි බොන කිරිවල මොන ජරාවක් තියද කියල.ඕනම දෙයක පිටින් පෙනෙන හොඳ ඇතුලෙ නෑ මචං.උඹේ අදහස් මරු.දිගටම ලියපන්.

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.