...තවමත් නැවුම්...



දෑතක් එක්කොට ගහපු
අත් පොළසනක්
කණ පැලෙන සද්දයක්
දෑත එකිනෙකාට දොස් නඟයි...

අන්න එකෙක් මැරිලා
මම දන්නෑ
කොකා ගැස්සුවේ උඹ
මම තුවක්කුව අල්ලාගෙන හිටියා විතරයි...

දැන් ඉතින් කෑ නොගහ හිටපන්
කවුරුවත් දැක්කෙ නෑ
කාටවත් ඇහුණෙ නෑ
පෙති ටික ඉක්මනට එකතුකරගනින්
ගාණට අමුනාපන්...
තව හදිසිකාරයෙක් ඒවි

ෂා...

ඔය තියෙන්නෙ නියමෙට
දැන් පිපුණා වගේ...

7 comments:

Anonymous October 25, 2010 at 11:14 AM  

nice idea machan...men always cheated by women in that way...

Thakshila October 25, 2010 at 8:18 PM  

හැමදේම සිද්දවුනාම එකිනෙකාට දොස්නගාගන්න එක අපේ සාමන්‍ය සිරිතනේ..අන්තිමට ඉතින් කවුරු රවටන්නද.තමන්ම මිසක්.විසිරුන මල් පෙති එකතුකළාට ආයිත් අළුත් මලක් පුපුදුවන්න බෑ තමා..හරිම අගෙයි...සුභ පැතුම්...

Thakshila October 25, 2010 at 8:25 PM  
This comment has been removed by a blog administrator.
ayesha October 28, 2010 at 9:12 PM  

ඒත්..........අනේ මන්දා යාළු

දන්තක November 3, 2010 at 10:30 PM  

මොනව වුනත් එක අතකින් අත්පුඩි ගහන බෑ කියනවනෙ..........අපි කියපු කරපු දේවල්ලු අපි පස්සෙ එන්නෙ''''''''''''''' නියම වදන් පෙල මචං....

දන්තක November 3, 2010 at 10:38 PM  
This comment has been removed by a blog administrator.
Thushara November 18, 2010 at 1:01 AM  

rly gud one machan...

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.