තෘෂ්ණා සාගරේ ගිලී කිමිදී
අයාලේ දුවන සිතුවිලි
මායිමක් නැති
වැටකඩොළු නැති
බැද දැමූ ලණු පටක් වත් නැති
දකින දේවල සිත ඇලෙන විට
ඇලුණු සිත දුක රැගෙන එන විට
රූපෙට දොස්නඟා
ඇසට ශාපකර
ලබන්නේ කුමන ඵලක්ද...
ඇස, රූපය හා සිත
Posted by
Unknown
Wednesday, September 15, 2010
Labels: මගේ කවි
7 comments:
දෝෂය තියෙන්නේ රූපයේ වත් ඇහේ වත් නොවේ.....ඔය දෙක යාකරන හිතේ....
හිතේම තමයි දෝෂේ තියෙන්නේ එකනම් ඇත්ත හේමළයට මාත් එකඟයි
අපි හිතට වැරද්ද පටවමු....
ඔව් අපි කැමතිනේ කාට හරි වැරැද්ද පටවලා අපි නිදහස් වෙන්න.
ජය වේවා...JT
හමුවෙමු ...!!!
හ්ම්....අදහස් දක්වපු හැමෝටම ස්තූතියි..
අපේ හිතේ තෘෂ්ණාව තියෙනකම් අපි දකින දේවල්වල ඇලෙනව..ඒ ඒ දේවල් නැවත නැවත දකින්න ආශාකරනව..දකින දේවල් තමන්ගෙ කරගන්න උත්සාහකරනව..හැමදෙයකින්ම අන්තිමට ඉතුරුවෙන්නෙ දුක විතරයි..එතකොට අපි රූපෙට බනිනවා("විළිසංගයක් නැති නැහැදිච්ච උන්")...
නැත්නම් ඇස්දෙකට බණිනව("කුපාඩි ඇස් දෙකක් තියෙන්නෙ, ඇස් හරියට වල්වෙලා")...ඇත්තටම වැරැද්ද තියෙන්නෙ අපෙ හිතේ(චේතනාවේ) තමා...
ජයවේවා!!!
ඒත් අපේ ඇස් අපිට පෙන්වන්නෙ නිවැරැදිම රූපයද? අපේ ඇස් වලටත් සීමාවක් තියෙනව.
ලස්සනයි අදහස..
කවුරුවත් ඔය ගැන කතා කරනවා මම දැකලා නෑ..අදහසත් මම කතාකරන්න කැමති එකක්...හරිම නිර්මාණශීලී
ඇසට පේන හැමදේම ඇත්ත නෙමෙයි.. තණ්හාව නරකම දෙයක්...
Post a Comment
ඔබගේ සිතට දැණුන අදහස්, ප්රතිචාර මෙහි ලියා යන්න.. ප්රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..