මම ය.. මාගේ ය...

         මේ ඉන්නේ මම
ඔව් ඔව් ඔය පින්තූරයකු ත් දාලා තියෙන්...
මේ මම ලියපුවා...
ඒවා මගේ...
නේකවිද දේවල් මෙලොව
තව කොතෙක් තිබෙද මගේ කියා..
ඇත්තට ම ඒවා මගේ ද?
එතකොට මේ මම
ඇත්තට ම ඒ මම ද?

7 comments:

Shadow/හේමලයා August 21, 2010 at 3:15 PM  

"Nothing is everything...Everything is Nothing"..(Zen)...

Thakshila August 21, 2010 at 5:16 PM  

අනේක වාරයක් මටත් එහෙම හිතිලා තියෙනවා.මම කියන මේ සිතුවිල්ලෙන් මිදෙන්න පුළුවන්නම් අපි විඳින දුක් කම්කටොලු වලට, කොටින්ම කිව්වොත් මේ සසර ගමනින් මිදෙන්න අත්වැලක් වෙනවා...මල්ලිගෙ වචන කිහිපය තුල හිතන්න බොහෝ දේ තියෙනව...මගෙන් සුභ පැතුම් ..!!!

Unknown August 22, 2010 at 10:49 AM  

@Shadow/හේමලයා
agree with u machan..

@Thakshila
සක්ඛායදිට්ඨියෙන් මිදෙන්න පුළුවන්නම් ....
ඒත් වැඩේ හිතන තරම් ලෙහෙසි නෑ අක්කේ...අපේ හිත පුරුදුවෙලා තියෙන්නෙ දේවල් අල්ලා ගන්න මිසක් අත්හරින්න නෙවි..
අදහස් දැක්වූවාට ස්තූතියි...
ජයවේවා!!!

ඉලංදාරියා August 22, 2010 at 11:50 AM  

මේකුනු කයෙන් නික්මෙනකම් මේ හැමදේම මගේ ....

ayesha August 22, 2010 at 5:18 PM  

මම හොයන්න මමත් වෙහෙසනවා.....එත් කෝ මම

වැප් August 22, 2010 at 8:20 PM  

මම කියලා කෙනෙක් නැහැල්ලු ........... එත් මම නම් මම හොය හොය යනවා කියලා මටම තේරෙනවා :D

Unknown August 24, 2010 at 7:45 AM  

අදහස් දක්වපු හැමෝටම ස්තූතියි...
මට හිතන්නෙ මේ 'මම' කියන්නෙ මුළු විශ්වයේ ම සංකලනයක්...මම ගොඩනැගිලා තියෙන්නෙ ඒක එක පුද්ගලයින්, පොතපත, දර්ශණ, මතවාද, අත්දැකීම් වලින් ග්‍රහණය කරගනිපු දේවල්වලින්...ඒකේ ඇතුලෙ තියෙන්නෙ මගේ ම ඒවා නෙවි..මම ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගනිපුවත් නෙවි...කොටින් ම කිව්වොත් මම 'මම' නොවෙමි...
ජයවේවා!!!

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.