මේක හරි ජොලි ජීවිතේ



        උදේ ඉස්කෝලේ පටන්ගන්නා තුරු
හවසට කෙල්ලන් යලි එනතුරු
ගාමන්ට් යන කෙල්ලන් පාරේ පොදිකන තුරු
ජැන්ඩි පහට ඇඳගෙන
ජෙල් ටිකක් ගාගෙන
සෙන්ට් පුයරත් දමාගෙන
රෝද දෙකේ මනමාලයෝ...
එහෙට යනවා මෙහෙට යනවා...

අම්මලා අප්පලා හම්බුකරනකන්
ගෙදර ලිපේ බත් ඉදෙනකන්
ගජයො සෙට් එක වටේ ඉන්නකන්
පදිමු පදිමු ඇතිවෙනතුරු
මුරකරමු හැම හන්දියක්ම
මේක හරි ජොලි ජීවිතේ...

රස්සාවල් මොකටද
පන්නාගෙන එමු ඉස්කෝලෙ යන කෙල්ලක්..
යවමු හෙට ඉඳන් ගාමන්ට්...
මදි පාඩුවක් අම්මා අප්පාගෙන් ඉල්ලාගමු
ආයිත් පදිමු...පදිමු...
මේක හරි ජොලි ජීවිතේ...

පවුලට එකා දෙන්නා එකතුවෙනකොට
කෑම බීමත් ගෙදර හිඟවෙනකොට
කරපු කුප්ප වැඩ එළි දකිනකොට
ගෑණිගෙ සද්දෙත් වැඩිවී එනකොට
හට්ටි වළං පොඩි ගුවනින් යනකොට
හිටපු සෙට් එක අඩුවී යනකොට
අම්මා තාත්තා ත් පිහිටට නැතිකොට
ජොබ් හොය හොයා පිස්සු හැදෙනකොට
මේක හරි ජොලි ජීවිතේ...

12 comments:

වැප් August 17, 2010 at 3:12 PM  

අඩේ නියමයි ... සුපිරියි .... ඉස්තරම්

Shadow/හේමලයා August 17, 2010 at 3:48 PM  

පට්ටම පට්ට....ඇත්ත ඇති සැටියෙන්....හැබැයි ඉතින් අපි හැමෝමත් මොකාක් හරි පදින එක තමා කොරන්නනේ නම් ජීවිතේ පුරාවට....:)..

dinesh August 17, 2010 at 4:16 PM  

සිරාම ගැළපිල්ලක් මචං.ඒකත් හරි ජොලි ජීවිතේ.../

මම August 17, 2010 at 4:39 PM  

අම්මපා...

BLOG ගඩොල් August 17, 2010 at 6:57 PM  

සිරාවට...
අගනා නිර්මාණයක්

Unknown August 17, 2010 at 7:58 PM  

@වැප්
ස්තූතියි මචං..

@Shadow/හේමලයා
හ්ම් ඒක ඇත්ත...

@dinesh, මම, blog gadol
මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..
ස්තූතියි...
ජයවේවා!!!

Abeetha Edirisinghe August 17, 2010 at 8:48 PM  

පට්ට... මේක මහ පුදුම ජීවිතයක් අම්මපා........

Anonymous August 17, 2010 at 9:08 PM  

නූතන තරුණ ජීවිතේ හැටි අමුවෙන්ම කියලා තියෙන්නේ ඔය යස අගේට ..

ayesha August 18, 2010 at 10:44 AM  

ඇත්තමයි....

බිඟූ August 19, 2010 at 8:51 PM  

ලියන්න මට අදහස් ගොන්නක් ආවා...
ම්ම්ම්...
ඒක නොලියා මම වෙන දවසක ලිපියක්ම ලියන්න හිතුවා...

Thakshila August 21, 2010 at 8:17 AM  

හරිම ජොලි මේ ජීවිතේ...
ගොඩාක් වෙලාවට ඔතනදී අසරනවෙන්නේ ගැහැණිය. අන්තිමට අම්මා තාත්තවත් නැතුව ගිහින් ළමයි වෙනුවෙන් තමන්ගෙ කියල කිසි කෙනෙක් නැතුව නෑනලාගෙ, නැන්දම්මලාගෙ ඇණුම් පද අහගෙන අපා දුකක් ඉවසගෙන ඉන්නවෙනව..අනෙක්දේ තමයි සල්ලාල ජීවිතේට පුරුදුවුන මිනිස්සු ඒකෙන් ගොඩගන්න එක හරිම අමාරු වැඩක්..
ලස්සන නිර්මාණයක් මලයෝ...
සුභ පැතුම්...

Unknown August 21, 2010 at 1:38 PM  

අදහස් දක්වපු හැමෝට ම ස්තූතියි..!!
ජයවේවා!!!

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.