ආවේගී පහර


දෘඩ වස්තුවක්ව පැවති මා ගත
ලුහු දඬු රාමුසැකිල්ලක් ලෙස ගිලන්ව
තෙරපුම් ආතති දරාගනිමින්
රළු පෘෂ්ඨයක් වූ මෙට්ටය මත
උදාසීන සමතුළිතතාවයේ ද
භ්‍රමණ චලිතයේ ද
විටෙක වෘත්ත චලිතයේ ද යෙදෙමින්
පූර්ණ ප්‍රත්‍යාස්ථ යැයි කිව නොහැකි පරිදි
දහසක් සිතුවිලි ගැටෙමින්
මන්දනය වෙමින් පැවති ධණාත්මක සිතුවිල්ල
නිසලවීමට ආසන්න මොහොතක
මට මතක්වුනා
ජීවිතය උඩු යටිකුරුකළ ඒ වචන ටික

"ජීවිතයේ සටන් නිරන්තරයෙන් ම
වඩා ශක්තිමත් හා වඩා වේගවත් ම මිනිසා විසින්
ජයගනු නොලැබේ...
ඉක්මනින් හෝ පමාවී හෝ
දිනන මිනිසා වන්නේ,
තමාට හැකි යැයි සිතන මිනිසාය... "


සියොලඟම දෙදරාගිය ආවේගී පහරින්
මා නැඟිටුණෙමි.
***
**
*

11 comments:

Shadow/හේමලයා August 11, 2010 at 6:37 AM  

නියම අදහසක් මචෝ......

Unknown August 11, 2010 at 8:34 AM  

ජනක සර්,
උඹටත් මටත් තව සුවහසකටත් මෙතනට එන්න පාර කියපු ගුරු දෙවියා...
ස්ර් ඔය ටික කියල අපිව ධෛර්යමත් කලා තාම මතකයි..

ayesha August 11, 2010 at 10:58 AM  

ඒ අදහසින් මමත් නැඟිට්ටුනා වගේ. ස්තුතියි සහෝදරයා.

Unknown August 11, 2010 at 9:03 PM  

@Shadow/හේමලයා
ස්තූතියි මචං...

@සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath
ඔව් මචං ජනක සර් නොහොටින්න අද අපි මෙතන නැතිවෙන්න ඉඩ තිඹුණා...සර් අපිට Applied විතරක් නෙවි ජීවිතයත් කියලා දුන්නා...සර් ගැන කියන්න වචන නෑ...දකුණෙ උ.පෙළ ගණිත ප්‍රතිඵල මෙතරම් ඉහල යන්න මූලික ම හේතුවක් තමා ජනක සර්. එතුමාට එම කාර්‍ය දිගටම කරගෙන යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනාකරනවා...!!!

@ayesha
අදහසට ස්තූතියි..
ජයවේවා!!!

තිස්ස දොඩන්ගොඩ August 12, 2010 at 11:00 PM  

මල්ලියේ.. මාරයාගේ පි‍ටුවේ ඔබ දමා තිබූ කමෙන්‍ටුවෙන් මෙතැනට ආවේ.... ඒක බොහොම හෘදයංගම සටහනක්...මට ඇත්තටම කඳුලු එන්න ආවා... ඔබේ ඒ සංවේදී හදවතට මගේ ආචාරය...!

Thakshila August 13, 2010 at 11:06 AM  

ලියපු එකනම් මට එච්චර තේරුම් නෑ..Applied වල බර වචන මම දන්නෙ නෑ..මොකද ලඟදී resualts එහෙම ආවද??දැන් අවුරුදු දෙකක් ඉවරයි නේ?ඉතුරු ටිකත් මහන්සිවෙලා වැඩකරපන් මලයෝ..
සර්ගෙ වචන ටික නම් හිතට වැදුනා...
සුභ පැතුම්...

Thakshila August 13, 2010 at 11:10 AM  

ආ...එදා කරපු උදව්වට බොහෝම ස්තූතියි...
ප්‍රමාදයට සමාවෙන්න ඕන

Thakshila August 13, 2010 at 11:16 AM  

අයියො අමත්කවුනා..මලයට දැන් සනීපද? මොකද මැරයෙක් වගෙ පොටෝ එකක් දාගෙන?..ඒ උනාට ලස්සනයි..puh!! නෑ නැ ඇත්තටම ලස්සනයි..
මටමේ දවස්වල වැඩ වැඩියි..ඉස්පාසුවක් නෑ..

Unknown August 13, 2010 at 4:29 PM  

@තිස්ස දොඩන්ගොඩ
හ්ම්..ස්තූතියි..!!!
තිස්ස අයියව මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා...
ජයවේවා!!!

@Thakshila
හ්ම්..2nd yr 1st smistr resualts ආවා..
ඔව් දැන් 3rd yr...දැන් සනීපයි අවුලක් නෑ..
වැඩ වැඩි උනත් ඔය තරම් කලබලවෙන්න එපා..අක්ක දන්නවානෙ කොහොමත් මම ඉතින් හැන්ඩි කොල්ලා කියලා..(හික් හික්..).
ජයවේවා!!!

වින්දන August 14, 2010 at 8:11 AM  

උඹ ගෙදර ගිහින් අපිටත් නොකිය maths class 1 පටන් ඇරගෙන වගේ....
හිතට වදින වචන ටිකක් මචං
ජයවේවා..!

Thusitha August 15, 2010 at 8:14 AM  

ජනක සර් ගැනනම් මන් දන් නෑ. එත් ගොඩක් ලස්සන නිර්මානයක්...

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.