..ඔව් ඒ මම තමා..



            
මම
ඔව්
ඒ මම තමා
*
*
මතක නැද්ද
ඇයි යකෝ ඔහොම බලන්නේ
ඉස්සර උඹලත් එක්ක
හන්දිගානේ රස්තියාදු ගැහුවේ
කුරුම්බා ගස් පාලුකරේ
මුළු දවසෙම වෙලේ කරක්ගැහුවේ
*
*
මම
ඔව්
ඒ මම තමා
*
*
ඔව් යකෝ
අවුරුදු හත අටකට කලින්
තොපිත් එක්ක
ඒ හිටිය එකා තමා
අවස්ථාවක් දීලා බලාපල්ලා
තවම මම උඹලගේ එකෙක් කියලා පෙන්වන්න
තවමත් ඒ ලෙංගතුකම හිතේ තියෙනවා
මේං එබිලා බලාපන්
*
*
අතීතයෙ දවසක
සිතුවිල්ලකට එහා නොතිබූ නුදුරු බව
මෙදා අහස පොළොව තරම් දුරස්ව
පාර තොටේ හමුවෙන අපි
නන්නාඳුනන උන් වගේ
වෙන්වෙන අපූරුව
*
*
මම තොපිට කරපු
වරද කියාපල්ලා
*
*
මම
එදා තිස්ස
දැන් පියල්
හෙට
සවිමන් කබලානට
සමකරන්නද තොපි වෙරදරන්නෙ
*
*
මේ අපේ එකෙක් කියලා
සතුටු වෙයල්ලා
කුහක කම් අතෑරලා
වරෙන්
තවම මම
මම
*
*

9 comments:

Shadow/හේමලයා July 30, 2010 at 11:45 AM  

ඔය කීවට මිනිස්සු කාලයත් එක්ක වෙනසවෙනවා...හැබයි ඇත්තම සිද්දිය නම්...කාලය පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නෑ....අපි අපිම එකිනෙකා පරයමින් දුවනවා මිසක....ගම්පෙරළියෙන් කළියුගයට ආවෙත් අපිමයි.....හැබැයි යුගාන්තය ගැන නම් මට සැකයි...මොකද ඒක තාමත් ඉවර නැති හන්ඳා..අපි තාමත් අතරමග...කැරකි කැරකි එකමතැන....ගිරිය පුප්පන් කැගහනවා අපිත් ඉන්න බව අඟ වන්න...විශ්වයෙ තියෙන පරමාණුවක් උඩ ඉඳගෙන......

Anonymous July 30, 2010 at 12:43 PM  

ඔවු ඒ ඔබ තමයි
ඒත්
මම
දැන් වෙනස් වෙලා
෴ මම මමම වෙලා ඉන්න කාලය ඉඩ දුන්නේ නැහැ෴

Thakshila July 30, 2010 at 1:30 PM  

මේ ලෝකෙ හැමදෙයක්ම වගේ වෙනස්වෙනවා මලයා.අද ඉන්න යාලුවො හෙට නෑ.සමහරවිට තරහකාරයෙක් වෙන්නත් බැරි නෑ.ජීවිතෙ කාලයත් එක්ක අපේ සමහර දේවල් වෙනස්වෙනව.එදා වගේම ඒ ලෙන්ගතුකමෙන් ආයිත් පරණ යාලුකම් අලුත්කරගන්න හිතපු එකත් සතුටක්.සමහරවිට එදාකරපුවා තවමත් කරමින් ඉන්න යාලුවො ඇති..ඒත් මලයට පුලුවන්ද ඒවා ආයිත් කරන්න ඒ අයත් එක්ක? බෑ නේ..ඒ තමයි වෙනස්වීම.
මිනිස්සු සවිමන් කබලාන දිහා දැකපු විදියට මලයා දකිනවට කැමති නෑ වගේ.මිනිස්සු හිතන පතන විදිය අපිට එහෙම ලෙහෙසියෙන් වෙනස්කරන්න බෑ මලයෝ.තමන් හරිදේ කරනවානම් එච්චරයි.. ලස්සන නිර්මාණයක්..

Unknown July 30, 2010 at 3:00 PM  

@Shadow/හේමලයා,
උඹෙ කතාව ඇත්ත මචන්
මම කියන්න හැදුවෙ මම වෙනස්වෙලා නෑ කියලා නෙවි..මේ මොහොතක් ගානේ භෞතිකවත් මානසිකවත් අපි වෙනස්වෙනවා..
මේ ඉන්න මම නෙවි තව මොහොතකින් ඉන්නේ. ඒක මම ඉහ මුඳුනින් පිළිගන්නවා..ඒ නිසා එදා හිටපු මම අද ඉන්න කොහෙත්තම ඉඩක් නෑ...
@ wath
"මම තවම මම" කියලා කියන්න හැදුවේ යථාර්තවාදී ව මම වෙනස්වෙලා නෑ කියලා නෙවි..
මට කියන්න ඕන වුනේ වෙනදා වගේ ම ලෙංගතුකමෙන් උන් එක්ක මම තවමත් උන්ගේ ඒ පරණ එකාමයි කියලා..මට ඒ නිහතමානී බව කියාපාන්නයි ඕන උනේ..
@Thakshila
බෑ තමා..දැන් අපි හිතන පතන විදිය ගොඩාක් වෙනස්..ඉස්සර එකට හිටපු ගොඩාක් උන් දැන් තාත්තලා..ගොඩාක් උන්ට හරියට ඉගෙනගන්න බැරුව ගියා. සමහරුන්ට දැන් හරිහමන් රැකියාවක් නෑ.. එතනින් එහාට ගිය අපි ගැන උන් අමුතු විදියට හිතන එක සාධාරණයි..ඒ උන්ගේ රාමුවෙ ඉදන් බලද්දි..
මිනිස්සු ඉහලට යද්දි මුල අමතකවෙනවා. තුන් ඈදුම මෙතනට පැටලෙව්වෙ ඒකයි..ඔව් මම කවදාවත් කබලාන කෙනෙක් වෙන්න කැමති නෑ..
අදහස් දක්වපු හැමෝටම ස්තූතියි..
ජයවේවා!!!

ayesha July 30, 2010 at 4:47 PM  

අපි මොහොතින් මොහොත දිනෙන් දින වෙනස් වෙනවා ඇති.ඒත් සමහර වෙනස්වීම් හිතට දරාගන්න හරිම අමාරුයි. ඒ හින්දා වර්ථමානේ වෙනස් වෙන අපි හුඟක් වෙලාවට අතීතෙට පෙම් කරනවා

වැප් July 30, 2010 at 5:36 PM  

ඇත්ත ඇත්තටම ලස්සනට ලියලා .............

Unknown July 31, 2010 at 10:05 AM  

@ayesha
ඔව් ඒක ඇත්ත..ස්තූතියි!!!
ජයවේවා!!!

@වැප්
අදහස් දැක්වූවාට ස්තූතියි මචන්...
ජයවේවා!!!

පිස්සා පලාමල්ල July 31, 2010 at 3:28 PM  

වෙනස..... මම ඇකමැතිම දෙයක්. ඒත්...

කාලයත් එක්ක... මිනිස්සු වෙනස් වෙනවා... දේවල් වෙනස් වෙනවා... අපි අකැමැති උනත්.

Unknown August 4, 2010 at 4:13 PM  

@පිස්සා පලාමල්ල
ඔබේ අදහසට ස්තූතියි....
ජයවේවා!!!!

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.