සිතක මහිමය හැඳිනගනී නුඹ..



සිතේ දුර්වල තැන් සොය සොයා
සිඳී බිඳී ගිය කැබලිති රැගෙන තනන්නට යන
පෙර දිනයක නුඹ ම කඩා බිමහෙලූ
අපේ සිහින මාලිගය...

නුඹෙ කඳුළු මගේ කඳුළු වූ අතීතයේ
මගේ කඳුළු නුඹේ සතුට හැරුණු අපූරුව
කියාපාන මේ ජීවිතේ හරුපය
කෙදිනක හෝ හැඳින ගනී නුඹ..

ගැල පසු නෑර යන රිය සක මෙන්
පසුපස හබා එන නුඹේ වද වේදනා
පාරාවළල්ලක්වී නුඹ කරා එනදා
තමන්ට තමනුත් නැතිව යනු ඇත...

මිරිඟුව පසුපස යන මුවැත්තියක් බඳු නුඹ
දෙපා බෙලහීනව ඇදවැටෙන දිනයක
පිපාසිත මුව දිය සොයන පරිද්දෙන්
සිතක මහිමය හැඳිනගනී නුඹ..

8 comments:

Shadow/හේමලයා July 25, 2010 at 10:27 AM  

"සිතක මහිමය හැඳිනගනී නුඹ"...ලස්සන පැදි පෙළක් මචෝ.....:)..

Thakshila July 25, 2010 at 6:03 PM  

කාලෙකට පස්සෙ ආයිත් ලස්සන නිර්මාණයක්...
පරණ නිර්මාණත් එක්ක සම්බන්ධයි වගේ. මේ කියන්න ඒ කෙනා ගැනමද? මලයගෙ හිතට විරහව දැනිලා වගේ. සමහර කෙල්ලන්ගේ හැටි එහෙම තමා.වැඩිය ඔය ගැන හිතන්න එපා..කවදාහරි එයාට තේරේවි..

Unknown July 25, 2010 at 10:05 PM  

@Shadow/හේමලයා
වෙනදා වගේ ම මේ පැත්තට ඇවිත් අදහසක් දැක්වූවාට ස්තූතියි මචං..

@Thakshila
ඒ ගැන වැඩිය අහන්න එපා.. සමහර දේවල් එහෙම ලෙහෙසියෙන් අමතක කරන්න බෑ. නිර්මාණයක් විදියට හිතලා රස විඳින්න..ඒක කල්පිතයක් උනත් මගේ අත්විඳීමක් හෝ අත්දැකීමක් උනත් අන්තිමට බිහිවෙන්නේ මගේ සිතින් ගොඩනගාපු සිතුවිළි දාමයක ලිඛිත ප්‍රකාශණයක්..
මම අළුත් දෙයක් ලියනකම් බලා ඉන්නවාට, ඒවාට දක්වන අදහස්වලට අක්කාට බොහෝ ම ස්තූතියි..
ජයවේවා!!!

වැප් July 28, 2010 at 12:22 PM  

ලස්සනයි යාලුවා .....

Unknown July 28, 2010 at 11:27 PM  

@වැප්
අදහසක් දැක්වූවාට ස්තූතියි මචං..

Unknown July 29, 2010 at 1:55 PM  

ගැල පසු නෑර යන රිය සක මෙන්
පසුපස හබා එන නුඹේ වද වේදනා
පාරාවළල්ලක්වී නුඹ කරා එනදා
තමන්ට තමනුත් නැතිව යනු ඇත...

අවංක ආදරයකට කදුළු දෙන කොයි කාට වුනත් මේ දේවනවා
ගොඩක් ලස්සනයි!
"වෙනස් වන ලෝකයේ
නොවෙනස් වන එකම දෙය
වෙනස් වීම පමණයි යාළුවා"

CharithD August 2, 2010 at 9:13 PM  

ලස්සන නිර්මාණයක් ,,,,,,,,,,,,,,,,,,

Unknown August 4, 2010 at 4:17 PM  

@Jeewani
ඒක ඇත්ත...
අදහස් දැක්වූවාට ස්තූතියි...
ජයවේවා!!!

@MANJU
ස්තූතියි මචන්...
ජයවේවා!!!

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.